මුළු රටම සලිත කරමින් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්
මීගමුව, දළුපොත - පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව රැඳවියන් වහළ මත නැග විරෝධතාවක නිරත වී ඇති බව සඳහන්.
ඉකුත් මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබුණා.