තායිලන්ත පාසලක වෙඩි තැබීමක් - ගුරුවරියක් ජීවිතක්ෂයට - 15 ට තුවාල වෙද්දි වහාම සිසුන් ඉවතට

Report

අද(7) දින තායිලන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් එක් ගුරුවරියක් මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා තහවුරු කර ඇත.

එසේම සිද්ධියෙන් පසු තුවක්කුකරු වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

බැංකොක් නගරයට උතුරින් පිහිටි නොන්තබුරි පළාතේ බෑන්ග් කෘයි දිස්ත්‍රික්කයේ කාර්යබහුල අධිවේගී මාර්ගයක පිහිටා ඇති, සිසුන් 3,000 ක් පමණ සිටින සුප්‍රසිද්ධ ද්විතීයික පාසලක් වන ඩෙබ්සිරින් නොන්තබුරි පාසලේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, ප්‍රහාරයෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව රජයේ නිලධාරීන් සඳහන් කරයි.

මුළු රටම සලිත කරමින් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්

මුළු රටම සලිත කරමින් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්

සැකකාර තුවක්කුකරු සියදිවි නසාගෙන ඇති බව නොන්තබුරි පළාත් පොලිස් අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩෙක්‍රපී කොංඩී පැවසූ බව වාර්තා වන අතර අපරාධකරු ශිෂ්‍යයෙකු වශයෙන් පොලිසිය හඳුනාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් තායිලන්තයේ මධ්‍යම විමර්ශන කාර්යාංශය සීඑන්එන් වෙත පැවසුවේ "තත්වය දැන් පාලනය කර ඇත," යනුවෙන් සඳහන් කළ අතර තායිලන්තයේ පෝ ටෙක් ටුන්ග් පදනම නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ, "නිලධාරීන් ප්‍රදේශයෙන් සිසුන් ඉක්මනින් ඉවත් කරමින් සිටිනවා," යනුවෙන්. 

කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න