පැය 24ක් යන්නත් කළින් රටේම බන්ධනාගාර එක පිට ඇවිලෙද්දි මැති සබේත් රත් වෙයි - අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි
බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට බන්ධනාගාරවල මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ අනුව විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (07) දින පාර්ලිමේන්තුවේදීයි.
ඊයේ (06) දවසේ මැගසින් බන්ධනාගාරයේ සිදුවීමෙන් එක් මරණයක් ද කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක්ද සිදුව ඇති බව ප්‍රකාශ කළ ඔහු මේ වන විට පල්ලන්සේන රැදවියන් සිටින කන්දවුරේ ද කලබලයක් ඇති බවට වාර්තා වන බැවින් අධිකරණ අමාත්‍යවරයා විසින් මේ සභාව දැනුවත් කිරීම වැදගත් බව අවධාරණය කර සිටියා.
කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට