සියලු අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට නිල නිවේදනයක් - නැවත ඇරඹෙන දිනය දන්වයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අගෝස්තු මස 10 වනි සඳුදා සිට යළි ආරම්භ කෙරෙන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිල වශයෙන් දැනුම් දී ඇත.
එබැවින් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල නේවාසික සිසුන්ට 2026 අගෝස්තු මස 9 වන ඉරිදා දින සිට යළි නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබා දී ඇත.
එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ඉකුත් දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලය ගත් තීරණ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් ලබාදුන් සහයෝගයට සියලු සිසුන්ට, කාර්ය මණ්ඩලයට සහ දෙමාපියන්ට සිය කෘතඥතාව පළ කරයි.
ඒ අනුව 2026 අගෝස්තු මස 10 වන සඳුදා සිට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සාමාන්‍ය ලෙස සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් සියලු විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කෙරෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා ඇත.