ලෝකයේම අවධානය දිනාගත් "මාලි" කනගාටුදායක ලෙස අවසන් ගමන් යයි..(PHOTOS)

Elephant Philippines World Sri Lanka Elephants
By Aruna Nov 29, 2023 11:49 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්‍යාග කරනු ලැබූ Mali නම් අලියා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මාලි "ලොව දුක්බරම අලියා" ලෙසට ලොවපුරා සත්වවේදීන් හඳුන්වා දෙනු ලැබුවේ ඒ හා බැදුණු අනුවේදනීය කතාව නිසයි.

ලෝකයේම අවධානය දිනාගත් "මාලි" කනගාටුදායක ලෙස අවසන් ගමන් යයි..(PHOTOS) | Mali Dies Sadly

මාලි මියයන විට අවුරුදු 40 ඉක්මවා ගොස් තිබුණා.

වර්ෂ 1981දී ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත මාලි පරිත්‍යාග කර තිබුණේ, මාස 11ක් පමණ වනවිට බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත්, ඊයේ පස්වරුවේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් මාලි මියගොස් ඇති බව පශුවෛද්‍යවරු තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මාලි ගැන ලියවුණු දුක්බර ඉතිහාස කතාව,

වයස අවුරුදු 3ක කුඩා අලි දියණියකව සිටියදී නැදෑයෙක්... යහලුවෙක් නැති නුපුරුදු පිලිපීනයේ මැනිලා සත්තුවත්ත වෙත ලංකාවෙන් පරිත්‍යාග කල මෙම සත්වයා ගතවූ වසර 35කටත් වැඩි කාලයක් ගත කර ඇත්තේ කුඩා ප්‍ර‍මාණයේ කොන්ක්‍රීට් කූඩුවක් තුලය.

ලෝකයේම අවධානය දිනාගත් "මාලි" කනගාටුදායක ලෙස අවසන් ගමන් යයි..(PHOTOS) | Mali Dies Sadly

මිනිස්කමේ ආශිර්වාදය ලත් ඔබ මදකට සිතන්න .... වසර 35කටත් වැඩි දීර්ඝ කාලයක් ඔබේ හිතවතෙකු හෝ ඇසුරුකිරීමට අවස්ථාවක් නොලැබී....

නිසි ලෙස පොෂණය මෙන්ම ව්‍යයාමද නොමැතිව ජීවත් විමට සිදුවුවොත් ඔබේ හැගීම්.... හිතේ මවාගන්න, සිය හැගීම් වචන බවට පෙරළනු නොහැකි මාලි අසරණකමෙන් නරඹන්නන් දෙස මේ මොහොතේදීද බලා සිටින ශෝක ජනක දර්ශනය....

විශාල ශරීරයක් හිමි මෙවැනි සතෙකුගේ ජීවන චර්යාව විමසීමේදී මෙය ඉතාමත් අනුවේදනීය තත්වයක්... වනගත අලියෙක් සිය ආහාර සොයාගනිමින් දිණකට කිලෝමීටර් 20 - 25 ත් අතර දුරක් ගමන් කරනවා...

ඒ ව්‍යයාමය ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයටත් ඉතා වැදගත්.... කිලෝමීටර් ගණනත් තබා අඩි 50 ක් වත් ඇවිදින්නට ඉඩක් නොමැති මාලි වසර 35 කටත් වැඩි කාලයක් පුරා කෙතරම් පීඩාවට පත්වී ඇතිදැයි ඔබට සිතාගත හැකිද ?

ලෝකයේම අවධානය දිනාගත් "මාලි" කනගාටුදායක ලෙස අවසන් ගමන් යයි..(PHOTOS) | Mali Dies Sadly

අලි ඇතුන් පිළිබද වසර 40 ක අත්දැකීම් සහිත විශේෂඥයකු මෙන්ම ලොව පුරා සත්වෝද්‍යාන / අභය භූමි වල සහ සර්කස් කණ්ඩායම් සතු සද්ධන්තයන් 100 කට වැඩි ප්‍ර‍මාණයක් පිළිබද වාර්තා ඉදිරිපත් කර ඇති දොස්තර හෙන්රි රිචඩ්සන් ( Dr. Henry Richardson) සිදුකල බාහිර පරීක්ෂා කිරීම් වලින් මාලි ශාරීරිකව ඉතාමත් දුර්වල තැනක සිටින බවට වාර්තා මීට වසර ගණනාවකට පෙර සිට ඉදිරිපත් කර තිබුණා.

ඊට අමතරව ඇගේ පාදයන්ද නිසි ව්‍යායාම නොමැති කම හෙයින් අවධානමට ලක් වී තිබූ අතර, දීර්ඝ කාලයක් තනිව වාසය කිරීම නිසා ඇගේ මානසික මට්ටමද ඉතාමත් නරක ලෙස පිරිහී ඇති බවද සොයා ගත්තා.

දොස්තර මහතාගේ අත්දැකීම් අනුව අලින්ගේ ගැහැණු සතුන් කිසිම දිනෙක සිය රැළ හැර නොයන අතර මියයන තුරුම සිය නෑදෑයන් සමග ජීවත් වීමට ප්‍රිය කරයි.

මෙම හේතුවම මාලි ගේ මානසික තත්වය අයහපත් කිරීමට හේතු විය හැක. රිචඩ්සන් මහතාට අනුව අලින්ගේ දෛනික ක්‍රියාකාර කම් වන ඇවිදීම, කදු නැගීම, පාදයෙන් බිම හෑරීම, මඩ නෑම, පිහිනීම ආදී කිසිදු ක්‍රියාකාරකමක් වසර 35 කටත් වැඩි කාලයක් තුල ඇය විසින් සිදු කර නෑ...

ඇගේ කුඩා කූඩුව අක්කරයෙන් 0.001 පංගුවක් වත් විශාලව තිබී නැහැ.

මේ කරුණු හෙළිදරව් වීමෙන් පසු සත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන PETA ( the People for the Ethical Treatment of Animals ) ජාත්‍යන්තර සංවිධානය 2012 සිට මාලි වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත් අතර, මේ කථාව ලොව පුරා ප්‍ර‍චාරය කිරීමටත් ඔවුන් දායක වුණා.

ඒ එක්කම ඉංග්‍රීසි ජාතික ගායක Morrissey පිලිපීන ජනාධිපති Benigno Aquino වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ අසනීප තත්වයෙන් සිටින නිසා මාලි නිදහස් කරන ලෙසයි.

ඇගේ පාද සමබර ලෙස පොළොව මත තැබීමට ඇයට දැන් හැකියාවක් නෑ...බැක්ටීරියා ආසාධන නිසා ඒ තත්වය ඇති වී ඇති බවයි සිතන්නෙ...

එය ඇයට දැඩි වේදනාවක් බවයි පරීක්ෂකයන් විශ්වාස කරන්නෙ. මේ පිළිබද ඉතා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇගේ පාද 4 වෙන වෙනම විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් පරීක්ෂා කල යුතු අතර ලේ සාම්පල පරීක්ෂාවද අවශ්‍යයි.

එහෙත් තවමත් එවැනි යමක් සිදුවී නෑ. මෙම ආසාධන තත්වය වැඩි වීම නිසා ඇගේ මරණය පවා සිදුවිය හැකියි.

PETA සංවිධානයේ ආසියානු කටයුතු පිළිබද අධ්‍යක්ෂ Rochelle Regodon පවසන පරිදි මැනිලා සත්තුවත්තෙන් මාලි වෙත ලැබෙන දුර්වල වෛද්‍ය පහසුකම් හා අවධානය නිසා ඇය ඉතා ඉක්මනින් අභය භූමියකට නිදහස් කල යුතුයි යනුවෙන් 2012 වර්ශයේදී දැඩිව සාකච්ඡාවට බදුන් විය.

මෙලෙස වසර 35 කට වැඩි කාලයක් දුක්බර ජීවිත කතාවක් ගෙවූ මාලි ලොව දුක්බරම අලියා ලෙස ඊයේ දින මෙලොව හැර ගියේ ය.



GalleryGalleryGallery
ReeCha