බනිස් ගන්න ගිය සිඟිති මල් කැකුළට දිවි අහිමි වෙයි
Sri Lanka
Accident
Law and Order
School Children
Sinhala news
By Kaushi
අද (21) උදෑසන කුඩා ලොරි රථයක ගැටීමෙන් 9 හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් ඇත.
මුලතිව්, කෝකිලායි පොලීසිය වාර්තා කරන්නේ මෙම අනතුර මුලතිව්, කර්නාට්ටුකේනි ප්‍රදේශයේදී සිදුව ඇති බවයි.
ඒ අනුව අදාළ දැරිය පාසලට රැගෙන යාමට බනිස් විකුණන ත්‍රිරෝද රථයකින් බනිස් ලබා ගැනීමට ගිය විට මෙසේ ලොරි රථයේ ගැටී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ දැරිය මුලතිව් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
ලොරි රථයේ රියදුරු මේ වන විට ද පොලිස් අත්අඩංගුවේ පසුවෙන බව සඳහන්.
තවද ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ සැකකරුට එරෙහිව මීට පෙරත් රිය අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ලැබ ඇති බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
