රට ගිහින් ආපු ඇයට මොකද වුණේ...සොයන්න පොලිස් විමර්ශන

Report

කහතුඩුව පොලිසිය මඟින් සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව යළි ශ්‍රී ලංකාවට ආ කාන්තාවක් ඉන්පසු අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙසේ අතුරුදන් වී ඇති බවට වාර්තා වන්නේ අවුරුදු 38ක තිදරු මවක්.

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

නමින් සාරංගා උදේශිකා පෙරේරා වන ඇය මීට අවුරුදු 2 ට ඉහත දී නිවසේ ඇති අඩුපාඩු සපුරාගැනීම ඇතුළු සිහින රැසක් පොදි බැඳගනිමින් සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් ඇත.

විදේශ ගත වූ දිනයේ සිට එහි ගෙවූ සෑම දිනකම සැමියා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් ඇමතූ ඇය ඉකුත් මස දිනක තමන් අප්‍රේල් මස 19 වන දාට පෙර නැවත මෙරටට පැමිණෙන බව සැමියාට පවසා තිබෙනවා.

එහෙත් පැවසූ ලෙස ඇය නොපැමිණීම හේතුවෙන් සැමියා පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ ඉකුත් අප්‍රේල් මස 14 වන දා අලුයම 2.05ට ඇය මෙරටට පැමිණ ඇති බවයි.

මේ බව ඇගේ සැමියා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ද තහවුරු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලීසිය කටුනායක ගුවන්තොටුපොළේ CCTV දර්ශන පරික්ෂා කර තිබෙනවා.

එහි දී අනාවරණ වී තිබුණේ අප්‍රේල් 14 වන දින අලුයම 3.30ට පමණ සාරංගා ගමන් මලු 2ක්ද අතැතිව කුලී මෝටර් රථයකින් පිටව ගිය බවයි.

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

ඉන්පසු ගුවන්තොටුපළ පොලිස් නිලධාරීන් මෝටර් රථයේ ලියාපදිංචි අංකය සොයාගෙන අඳාළ රියදුරු කැඳවා ප්‍රශ්න කර ඇත.

එහි දී ඔහු පවසා ඇත්තේ සාරංගා උදේශිකා දඹුල්ල ප්‍රදේශයේ තිබූ සුපිරි වෙළෙඳ සැලක් අසල නිවසකට ගිය බවයි.

එහෙත් මේ පිළිබඳව ඇගේ සැමියා පැවසුවේ, ඔහු දඹුල්ල පොලීසියේ නිලධාරීන් සමඟ අඳාළ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවේදී එහි නිවැසියන් විසින් එවැනි කිසිදු කාන්තාවක් නොපැමිණි බව කියූ බවයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කහතුඩුව පොලීසිය මඟින් සිදු කරයි.