යුද්ධමය තවත් දරුණු වෙයි - ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක්
ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙසින් සැලකෙන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එරට වේලාවෙන් අද (7) අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව බී.බී.සී. ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
මෙහ්රාබාද් ගුවන්තොටුපොළ එරට ප්‍රධානම දේශීය ගුවන්තොටුපොළක් ලෙස සැලකෙයි. තවද අදාළ ප්‍රහාරය එල්ලවන ගුවන්තොටුපොළේ ගුවන්යානා කිහිපයක්ම තිබූ බව වාර්තා වේ.
මෙම අදාළ ප්‍රහාරය එල්ලවීමත් සමග විශාල දුම් වළාවක් නිකුත්වී ඇත. ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට නිකුත්වි ඇත.
ගුවන්තොටුපොළේ ස්ථාන කිහිපයක්ම සතුරන්ගේ ඉලක්ක වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරුකර තිබේ.
ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
ඊශ්‍රායල විසින් මීට පෙර මාර්තු 4 වනදා ද ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්‍රහාරයක් දියත්කළ අතර, එහිදී හෙලිකොප්ටර් නිෂ්පාදන අංශය ඇතුළුව ඊශ්‍රායලයට තර්ජනයක් වූ පද්ධති කිහිපයක්ම විනාශ කරනු ලැබ තිබේ.
නමුත් නවතම ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ කුමන ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇත්ද යන්න තවමත් හෙළි වී නැත.