මුදල් වංචා කළ මේජර් අත්අඩංගුවට.

Police spokesman Sri Lanka Army Sri Lanka
By Hashini Oct 24, 2023 05:46 AM GMT
Hashini

Hashini

Report

 රුපියල් ලක්ෂ 42කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ මේජර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර උතුර පොලිසිය පවසන්නේ අදාළ යුද හමුදා මේජර්වරයා සිය බිරිඳ සමඟ ඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් මෙලස මුදල් වංචා කර තිබෙන බවයි.

පානදුර, ගොරකාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකාර මේජර්වරයා යාපනය මුහමලේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරියෙහි නිරතව සිටි අයෙකු බවයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර උතුර පොලිසියට ලද පැමිණිලි 4ක්, දෙහිවල සහ ගල්කිස්ස ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකට සිදු කළ පැමිණිලි මතයි. 

ReeCha