ලබන 29 වනදා ප්‍රබල දේශපාලඥයෙක්ට වෙන්න යන දේ මෙන්න..

Srilanka Freedom Party Maithripala Sirisena Sri Lanka Politician Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna May 10, 2024 12:25 AM GMT
Aruna

Aruna

Report

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (09 දා) නියෝග කරන ලදී.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය මස 4 වැනිදා මුල්වරට එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 29 වැනිදා ලිඛිතව තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද ප්‍රධාන දිසා විනිසුරුවරයා මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කර ඇත.

සියලුම මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රබලයෙක් ගෙන් දැනුම් දීමක්...

සියලුම මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රබලයෙක් ගෙන් දැනුම් දීමක්...


නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ලදී.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.