සියලුම මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රබලයෙක් ගෙන් දැනුම් දීමක්...
වත්මන් රජය විසින් බෙදා දෙන ලද මත්පැන් බලපත‍්‍ර සියල්ල ඉදිරියේ දී පිහිටුවන තම රජයකදී අහෝසි කර දමන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ.
එහිදී පක්ෂ විපක්ෂ කිසිදු සබඳතාවයක් නොබලන බවත් එම සියලු බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටින ලදී.
දැනට රජය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කිරීමටද රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.
අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.