මහින්දානන්දට ඇප [UPDATE]

Report

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?

මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?

ඒ අනුව, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට නියෝග කෙරිණි. එම ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බව ද නියෝගයේ සඳහන් විය.

ඊට අමතරව, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලද අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එසේම, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත්, විමර්ශන සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුට වැඩිදුරටත් නියෝග කරන ලදී.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේම පාසල් රැසක් දින 2කට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේම පාසල් රැසක් දින 2කට වැසෙයි

මහින්දානන්ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට---------- [UPDATE 12.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙවිත් තිබේ.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද (26) කැඳවීමට නියමිතය.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නොර්වේ නෞකාවකට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

නොර්වේ නෞකාවකට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්