මහින්දානන්ද හිරේ ගියාට නාවලපිටියෙන් රතිඤ්ඤා

Report

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වසර 20 කට සිරගත කිරීමට පසුගියදා නියෝග කළේය. මේ ආරංචියත් සමග ඔහු නියෝජනය කළ නාවලපිටිය ආසනයේ ජනතාව නගර මධ්‍යයේ රතිඤ්ඥා දල්වමින් සතුටුවෙන ආකාරයේ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

දැඩි මහින්ද රාජපක්ෂවා‍දියෙකු ක්‍රියාකළ මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය 2024 මැතිවරණයේදී අද දඩුවම් හිමිවූ නලින් ප්‍රනාන්දු සමග රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට එක් විය.

රටම ආදරේ තරින්දිට ආදරේ කරන වාසනාවන්තයා කවුද? මෙන්න

රටම ආදරේ තරින්දිට ආදරේ කරන වාසනාවන්තයා කවුද? මෙන්න

ඒවගේම පසුගියදා මැතිවරණයෙන් අන්ත පරාජයට ලක්ද වූ මහින්දානන්ද   දේශපාලන ජීවිතෙන්ද සමුගන්නා බවට නිවේදනය කළේය.

කැරම් බොඩ් වංචා නඩුවට 20 අවුරුදු සිර දඩුවම ලබන්නට පෙර පොහොර වංචා නඩුවක් නිසා ඔහු බන්ධනාගාරගතව සිටියේය. කැරම් බොඩ් වංචාව ඔහු කර තිබුනේ රාජපක්ෂ සමයේ ඡන්ද වැඩ සඳහා ක්‍රීඩා සංගම් ප්‍රවර්ධනය පිනිසය. කෙසේ වෙතත් මෙම නඩුව වසර 11කට ආසන්න කාළයක් ජනාධිපතිවරු 3කු යටතේ යට ගොස් තිබූ මෙරට ප්‍රධාන නඩුවකි.අවසානයේ ඔහුට බරපතල වැඩ සහිතව වසර විස්සක දඬුවම් නියම විය.

අම්මෝ ලස්සන.. කැරට් 24 රත්තරන් කාර් එකක් (PHOTO)

අම්මෝ ලස්සන.. කැරට් 24 රත්තරන් කාර් එකක් (PHOTO)