රසායනික පොහොර ආනයනයට කිසිදු තීරණයක් ගෙන නෑ - මහින්දානන්ද

sri lanka mahindananda aluth gamage Political disision
By Sithumi Nov 21, 2021 12:38 PM GMT
Sithumi

Sithumi

Report

වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

 ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව හෙට (22) දිනයේ කරුණු සොයා බැලීමට කටයුතු කරන බවය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ, පොහොර ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමග හෙට පැවැත්වීමට නියමිතව ඇති බවය.