කොලොම්බියාවේ සියලු ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයන් එළවා දමයි

By Kanchana Oct 02, 2025 10:35 AM GMT
Report

 කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් සිය රටේ රැඳී සිටි සියලුම ඉතිරි ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට පියවර ගෙන ඇත. ඊශ්‍රායල කොන්සියුලර් ආරංචි මාර්ගවලට අනුව රාජ්‍ය තාන්ත්‍රිකයින් හතර දෙනෙකු කොලොම්බියාවේ රැඳී සිටින බව සදහන් වේ.

මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරය බලා ගමන් කරමින් තිබූ ආධාර නෞකා සමූහයක් (Aid Flotilla) අත්අඩංගුවට ගැනීම සහ කොලොම්බියානු ක්‍රියාකාරිනියන් දෙදෙනෙකු රඳවා තබා ගැනීම බව සදහන් වේ. .

පලස්තීනය සමඟ මානුෂීය ආධාර ලබාදෙන කටයුතුවල නිරත වූ කොලොම්බියානු කාන්තාවන් දෙදෙනෙකු ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල හමුදා විසින් රඳවා ගනු ලැබූ බව ජනාධිපති පෙට්‍රෝ ප්‍රකාශ කරන ලදි.

ලොව බොහෝ ධනවත්ම පුද්ගලයා දැන් එලොන් මස්ක් - ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500

ලොව බොහෝ ධනවත්ම පුද්ගලයා දැන් එලොන් මස්ක් - ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500

මැනුවෙලා බෙඩෝයා සහ ලූනා බැරෙටෝ ග්ලෝබල් සුමුඩ් නෞකා සමූහයේකොටසක්.ඔවුන් වහාම නිදහස් කරන ලෙස කොලොම්බියාව ඉල්ලා තිබේ.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය තහවුරු කළේ, එම නෞකා සමූහයේ නෞකා කිහිපයක් ආරක්ෂිතව නවතා දමා ඇති බවත්, මගීන් ඊශ්‍රායල වරායකට ගෙන එමින් සිටින බවයි. වාමවාදී නායකයෙකු වන පෙට්‍රෝ, පසුගිය වසරේදී ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දමා තිබුණි.

රාජපක්ෂලා රටේ දරුණුම ආකාරයේ අපරාධ රාජ්‍යයක් පවත්වාගෙන ගිහින් තියෙනවා නාමල් නෑ කිව්වට වැඩක් නෑ - බිමල්

රාජපක්ෂලා රටේ දරුණුම ආකාරයේ අපරාධ රාජ්‍යයක් පවත්වාගෙන ගිහින් තියෙනවා නාමල් නෑ කිව්වට වැඩක් නෑ - බිමල්

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රියාව අලුත් විදියේ ජාත්‍යන්තර අපරාධයක් ලෙස හඳුන්වමින්, පෙට්‍රෝ ඊශ්‍රායලයේ සියලු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස නෙරපා හැරීමට නිවේදනය කර තිබේ මෙම පියවරට අමතරව පෙට්‍රෝ 2020 වසරේ සිට ඊශ්‍රායලය සමඟ ක්‍රියාත්මක වෙමින් තිබූ නිදහස් වෙළඳ ගිවිසුම ද අවලංගු කර ඇත. කොලොම්බියානු නායකයා නෙතන්යාහුගේ වඩාත් ප්‍රබල විවේචකයින් අතර සිටියි.

ඔහු නෙතන්යාහුව ජන ඝාතකයකු ලෙස හඳුන්වයි. එමෙන්ම, ඔහු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ජන ඝාතනයට සහචරයෙකු ලෙස විවේචනය කර ඇත. පසුගිය සතියේ නිව්යෝර්ක් හි පැවති පලස්තීනයට පක්ෂපාතී විරෝධතාවකට පෙට්‍රෝ සහභාගී විය. එහිදී ඔහු එක්සත් ජනපද හමුදාවට ට්‍රම්ප්ට අකීකරු වන ලෙස ඉල්ලා සිටීම නිසා වොෂින්ටනය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබුණි. 

ගාසා තීරයට ආධාර රැගෙන ගිය නෞකා 13ක් - 201කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ගාසා තීරයට ආධාර රැගෙන ගිය නෞකා 13ක් - 201කට වැඩි පිරිසක් අත්අඩංගුවට