ලෝකෙම පිස්සු වට්ටපු ෂාරුක් ඛාන්ගෙන් ලෝකෙටම තවත් ලොකු ආරංචියක්

Report

ඉන්දීය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට පත්වූ 59 හැවිරිදි ෂාරුක් පත්ව ඇත.

ඒ ඔහු සතු වත්කම ඉන්දීය රුපියල් කෝටි 12,490ක් ලෙස පෙන්වමින්.

බොලිවුඩයේ ආදර කතාවල රජු වශයෙන් බොහෝ විට හඳුන්වනු ලබන ඛාන්, හින්දි චිත්‍රපට කර්මාන්තයේ දශක තුනකට වැඩි කාලයක් ගත කර තිබෙනවා.

ලොව බොහෝ ධනවත්ම පුද්ගලයා දැන් එලොන් මස්ක් - ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500

ලොව බොහෝ ධනවත්ම පුද්ගලයා දැන් එලොන් මස්ක් - ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500

එසේම ඔහු නළුවෙකු වීමේ සිට ප්‍රධාන නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යාම සහ ක්‍රිකට් කණ්ඩායමක් හිමිකර ගැනීමට ද සමත්ව ඇති බව සඳහන්.

ඒ අනුව වාර්තා වූයේ ඛාන්ගේ බිලියනපති තත්ත්වය ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් නම් ඔහුගේ නිෂ්පාදන සමාගම සහ නයිට් රයිඩර් ස්පෝර්ට්ස් නම් ඔහුගේ IPL ක්‍රිකට් සමාජය හි ඔහු සතු කොටස් මගින් බව පැවසේ.

මේ අතර එම ලැයිස්තුවේම දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් බව සඳහන්.

ඒ ඉන්දීය රුපියල් කෝටි 7,790ක වත්කමක් සතු ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ජුහී චව්ලා සහ ඇගේ පවුලයි.

මේ අතර ටෙස්ලා මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඩොලර් බිලියන 500කට ආසන්න ශුද්ධ වත්කමක් ලබාගත් ලොව පළමු පුද්ගලයා බවට පත්ව ඇති බව ද වාර්තා වුණා.

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්