සඳුදා සිට ලංවිම සටන දැඩි වෙයි ද?
ලංවිම අවිධිමත් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් එළැඹෙන සඳුදා වන විට දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය ක්‍රියා මාර්ගය දැඩි කෙරෙන බව විදුලි ඉන්ජිනේරු සංගමය පවසයි.
ඒ අනුව, බලශක්ති අමාත්‍යවරයා, බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ,ලංවිම සභාපතිවරයා, උප සභාපතිවරයා හා ඉහළ නිලධාරීන් සමග කිසිදූ ආකාරයේ ගනුදෙනුවක් සිදු කිරීමට හෝ රැස්වීම්වලට සඳුදා (ඔක්. 6) සිට සහභාගී වීමෙන් වැළකී සිටීමට ඉන්ජිනේරු සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසීය.
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී අද (ඔක්. 2) පැවති මාධ්‍ය හමුවේදී ඒ ඔහු මේ බව අවධාරණය කර තිබේ. විදුලිබල පනත ප්‍රකාරව පාර්ශවකරුවන්ගේ අදහස් විමසමින් සිදුවිය යුතු නමුත් එසේ නොකොට එම ක්‍රියාවලිය අවිධිමත් හා නොසැලකිලිමත් ලෙස මෙන් ම පුද්ගලානුබද්ද වෙමින් ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තිවලට ද පටහැනි ආකාරයෙන් සිදු වෙමින් පවති බව ද ධනුෂ්ක පරාක්‍රමසිංහ තව දුරටත් ප්‍රකාශ කරන ලදි.
ලංවිම ඉන්ජිනේරු සංගමය ඇතුළු සියලු වෘත්තීය සංගම් එක්ව පසුගිය සැප්තැම්බර් 4 වන දා ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් බලධාරීන් මේ වනතුරු ගැටලුව විසදීමට කටයුතු කර නැති බවට ඉන්ජිනේරු සංගමය චෝදනා කර ඇත.
ලංවිම අවිධිමත් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් එළැඹෙන සඳුදා වන විට දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය ක්‍රියා මාර්ගය දැඩි කෙරෙන බව විදුලි ඉන්ජිනේරු සංගමය පවසයි. ඒ අනුව, බලශක්ති අමාත්‍යවරයා, බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ,ලංවිම සභාපතිවරයා, උප සභාපතිවරයා හා ඉහළ නිලධාරීන් සමග කිසිදූ ආකාරයේ ගනුදෙනුවක් සිදු කිරීමට හෝ රැස්වීම්වලට සඳුදා (ඔක්. 6) සිට සහභාගී වීමෙන් වැළකී සිටීමට ඉන්ජිනේරු සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසීය.
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී අද (02) පැවති මාධ්‍ය හමුවේදී ඒ ඔහු මේ බව අවධාරණය කළේ ය.
විදුලිබල පනත ප්‍රකාරව පාර්ශවකරුවන්ගේ අදහස් විමසමින් සිදුවිය යුතු නමුත් එසේ නොකොට එම ක්‍රියාවලිය අවිධිමත් හා නොසැලකිලිමත් ලෙස මෙන් ම පුද්ගලානුබද්ද වෙමින් ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තිවලට ද පටහැනි ආකාරයෙන් සිදු වෙමින් පවති බව ද ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසීය.
ලංවිම ඉන්ජිනේරු සංගමය ඇතුළු සියලු වෘත්තීය සංගම් එක්ව පසුගිය සැප්තැම්බර් 4 වන දා ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් බලධාරීන් මේ වනතුරු ගැටලුව විසදීමට කටයුතු කර නැති බවට ඉන්ජිනේරු සංගමය චෝදනා කරනු ලබයි.