මහින්ද දොඩම්පගමගේ ඉල්ලුම ඉහලට.... ජනතාව පාරට බහි....

Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By Akash Mar 15, 2025 12:10 PM GMT
Akash

Akash

Report

මහින්දට යලිත් දේශපාලනයට එන්නැයි බල කරමින් ජනතාව පාරේ පෙරළෙති ඊයේ (14) නුවරඑළිය මහ නගර සීමාවේ පදිංචි ඡන්ද දායකයින් පිරිසක් උද්ගෝෂණයක නිරත වුණා.

ඒ, නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති දැනට දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින මහින්ද දොඩම්පගමගේ මහතාට යලිත් දේශපාලනයට පිවිස පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය මහ නගර සභාවට තරග කරන ලෙස බල කරමින්.

මහින්ද දොඩම්පගමගේ මහතාගේ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලය ඉදිරිපිටට පැමිණි සර්ව ආගමික නායකයින්, ඡන්ද දායකයින් හිටපු නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ දියුණු කල හැකි එකම පුද්ගලයා මහින්ද දොඩම්පගමගේ මහතා බවත්, එතුමන් නුවරඑලිය නගර සභාවේ හිටපු නගරාධිපති වශයෙන් කටයුතු කල සමයේ නුවරඑලිය නගරයේ සංවර්ධන කටයුතු රාශියක් සිදු කල බවයි.

එමෙන්ම දේශපාලනයෙන් සමුගෙන නිහඩව සිටිමෙන් නුවරඑලිය නගරය තව දුරටත් අගාධයට පත්වන නිසා කුමන දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීනව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා වීමට යලිත් තරග කරන ලෙසයි.

මේ අතර මෙහිදි උද්ගෝෂකයන් හමුවේ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පගමගේ මහතා කියා සිටියේ තමන් යලිත් දේශපාලන කටයුතුවල නියැලීමට කිසිදු අදහසක් නොමැති බවත්, ඡන්ද දායකයන්ගෙන් ලැබුනු ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කර ඉදිරියේදි ප්‍රකාශ කරන බවයි.

ReeCha