හිටපු ජනපති මහින්ද නායකත්වය ගැන කියයි...නායකත්වයේ යළි වෙනසක්?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගත හැකි අපේක්ෂකයින් කිහිප දෙනෙකු සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා ඊයේ කැලණිය රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වලට ද එක්වුණා. මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබාදුන්නා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව වෙනසක් සිදුවනු ඇතැයි යන මතයන් පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් ඒ පිළිබඳව නොදන්නා නමුත් අවශ්‍ය වුවහොත් වෙනසක් සිදු කරන බවයි.
මේ අතර තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපතිවරයා තමා ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවත් තවදුරටත් රාජ්‍ය සේවයේ නිරත වන බවත් ප්‍රකාශ කළේය.