විශේෂ පාර්ලිමේන්තු සංසදයක්.

Sri Lanka Parliament Sri Lanka
By Hashini Sep 29, 2023 10:14 AM GMT
Hashini

Hashini

Report

මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක් ( parliamentary coucus for tha lnclution of persons with Disabilities- PClOD) පසුගියදා පිහිටවනු ලැබුවා.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම සංසදයේ සභාපතිවරයා ලෙස පත්ව සිටිනවා.

සංසදයේ ලේකම්වරුන් ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ යන මහත්වරු පත්කරනු ලැබූහ.

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා සංසදයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් විසින් ඩලස් අලහප්පෙරුම මහතා එම කමිටු සභාපති ධූරයට යෝජනා කරනු ලැබුවා.

මෙම සංසදයේ පළමු රැස්වීමේදී ආබාධ සහිත ප්‍රජාවේ අනාගතය වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ක්ෂේත්‍ර කීපයක් හඳුනාගෙන තිබෙනවා.

ලබන මස 4 වැනිදා බදාදා සංසදයේ මීළඟ රැස්වීම පැවැත්වීමට නියමිතය. 

ReeCha