මහින්ද රාජපක්ෂ යළි අගමැතිධූරයට පත් වෙයි?..

Dinesh Gunawardena Mahinda Rajapaksa Prime minister
By Aruna Feb 26, 2023 02:23 AM GMT
Aruna

Aruna

Report

දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කිරීමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව කියා සිටියා.

අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීම සඳහා ආණ්ඩුව දරන උත්සාහයට නිදහස ජනතා සන්ධානය සහය නොදෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

අග්‍රාමාත්‍ය ධූරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා යළි පත් කිරීමට සූදානමක් ඇති බවට මීට පෙර සිටම තොරතුරු වාර්තා වුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha