කතානායක වැටුප වෙනත් ගිණුමකට. - නිල නිවස භාවිතයට ගෙන නැති ඔහු ඉන්න තැනක් දන්නෙත් නැහැ.

Report

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වැටුප පක්ෂයේ පොදු අරමුදලකට යන බව එම පක්ෂය විසින් පවසා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව කතානායක ජගත් වික‍්‍රමසිංහ මහතාද සිය වැටුප එම අරමුදලට බැර කරන බවත්,පවසන ඔහු ප්‍රශ්න කරන්නේ,කතානායකවරයා යනු සියලු දෙනාටම ස්වාධීන පුද්ගලයෙකු බවත් එවන් ස්වාධීන තනතුරක් දරන පුද්ගලයකුගේ වැටුප පක්ෂයක අරමුදලට බැර වන්නේ කෙසේදැයි යනුවෙනි.

එමෙන්ම කතානායක තනතුර ස්වාධීන තනතුරක් බවත් එවන් තනතුරක් දරන්නෙකු පක්ෂයක ගිණුමකට තම වැටුප බැර කරන විට එම ස්වාධීන තනතුරට වන්නේ කුමක්දැයි මන්ත‍්‍රී දයාසිරි ජයසේකර විමසනවා.

මේ අතර කතානායකවරයා නිල නිවස භාවිතයට ගෙන නැති බවත් ඔහු සිටින්නේ කොහේදැයි කිසිවකු නොදන්නා බවත් දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා සිටිනවා.  

අද විදුලි කප්පාදුවේ වෙනසක්. - වේලාවන් සහ ප්‍රදේශ සමඟ අලුත් කාලසටහන මෙන්න.

අද විදුලි කප්පාදුවේ වෙනසක්. - වේලාවන් සහ ප්‍රදේශ සමඟ අලුත් කාලසටහන මෙන්න.

සමාගම් වාහන ආනයනය සීමා කරයි.? - ණයවර ලිපි විවෘත කරවාගෙන මෙහෙයුම් ගාස්තුවක් අය කරයි.

සමාගම් වාහන ආනයනය සීමා කරයි.? - ණයවර ලිපි විවෘත කරවාගෙන මෙහෙයුම් ගාස්තුවක් අය කරයි.


You may like this video