2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට ජනපති දිවයිනෙන් පිටව යයි...(VIDEO)

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය මෙන්න...

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය මෙන්න...

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද එක් වී සිටියි.

ඔවුන් අද (10) උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව ඇත.

අම්මප යසයි වැඩේ..තනියම ගෙදර ඉදන් කරලා තියන දේ බලන්නකෝ..

අම්මප යසයි වැඩේ..තනියම ගෙදර ඉදන් කරලා තියන දේ බලන්නකෝ..

එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.

You may like this video