USAID ලැයිස්තුවේ මාලිමා ආණ්ඩුවේ අයෙකුත් ඉන්නවලු. - ලංකාවේ ගෝඩ් පාදර්ස්ලා දෙන්නයි.!

Sri Lanka Government Of Sri Lanka United States of America National People's Power - NPP
By Wayomi Feb 11, 2025 11:27 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ ජනමතය විකෘති කිරීම සඳහා යූ.එස්. එයිඩ් ආයතනයෙන් ඩොලර් මිලියන 7.9ක් ලබාගත් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදින් හා දේශපාලඥයන් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට හෝ ආණ්ඩුවට කොන්ද පණ නැත්නම් විපක්ෂයේ කොන්ද පණ තිබෙන එක් මන්ත්‍රීවරයකු හෝ සිටී නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කරමින් මේ පිළිබඳ විමර්ශනය කොට රටේ ජනතාවට මාස තුනක් ඇතුළත වාර්තාවක් නිකුත් කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අභියෝග කරනවා.

ඒ, බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ නව මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු අදහස් දක්වුයෙබ් මෙලෙසින්,

මේ රටේ සංස්කෘතික පදනම විනාශ කරන්න දේශපාලන නායකයොත් මිලදී අරගෙන තියෙනවා. දේශපාලන නායිකාවනුත් මිලදී අරගෙන තියෙනවා. අපි ඒවා ඉදිරියේ දී නම් පිටින් අනාවරණය කරනවා යැයි ද ඊට කලින් පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවක් පත් කරලා පුළුවන්නම් වාර්තාවක් ඉදිරිපත් කරන්න යැයි අභියෝග කරනවා.

බටහිර බලය හා ලංකාවේ ඉරණම , 9 සැඟවුණු කතාව යූ.එස් එයිඩි එන්.ඊ.ඩී අපි ජාත්‍යන්තර කුමන්ත්‍රණ පෝබියා. එදා අපි කියපු දේ ඩොනල්ඩ් ට්‍රම්ප් ද ත්‍රස්තවාදී සංවිධානයක්. ශ්‍රී ලංකාවට ඩොලර් මිලයන 7.9ක්. රුපියල් කෝටි 240ක්. ස්ත්‍රී පුරුෂු වෙනසක් පෙන්වන්න එපා. නෝනාවරුනි මහත්වරුනි එපා. මිත්‍රවරුනි කියලා කියන්නෙ එහෙම අය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් සංතර්පනය කරලා තියෙනවා.

බටහිර බලය සහ ලංකාවේ ඉරණම කියන පොත මා විසින් රචනා කරලා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය විදියට අපි මීට අවුරුදු 10-15කට කලින් එළි දක්වපු පොතක්. මේ කෘතියෙ වගේම 9 සැඟවුණු කතාව කෘතියේ අපි මේ කියන සඳහන් කරලා තියෙනවා.

අමෙරිකානු ආයතනයක්වන යූ.එස් එයිඩ් සහ එන්.ඊ.ඩී වගේ ආයතන ලංකාව අභ්‍යන්තරයේ කරන නකුමන්ත්‍රණකාරී මෙහෙයුම් ගැන අපි දිගින් දිගටම පෙන්වලා දුන්නා. එතකොට අපේ යූ.එස් එයිඩ් ෆන්ඩ්වලින් යැපෙන හතුරො එන්.ඊ.ඩී අරමුදල්වලින් යැපෙන හතුරො අපට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා පෝබියා එකක් තියෙනවා කියලා මඩ ගැහුවා. එහෙම කියලා ඒ වැදගත් අනාවරණයන් මහජනතාව ඉදිරියට යන එක වැළැක්වුවා. දෛවයේ සරදමකට වගේ අපි එදා කියපු දේ අද අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද, ඒ වගේම ඔහුගේ සමිපතයකුවන ඉලොන් මසක්, සුනිල් හඳුන්නෙත්ති මහත්තයට අනුව හාදයා ද, අපි එදා අනවාරණය කරපු කරුණු ඊටත් වඩා ගැඹුරින් හා පුළුල්ව අනාවරණය කරමින් තිබෙනවා.

ඉලෝන් මස්ක් එක අවස්ථාවක කියනවා යූ.එස් එයිඩ් ත්‍රස්තවාදී සංවිධානයක් කියලා. ඔහු අනාවරණය කරපු ආකාරයට ඩොලර් මිලියන 7.9ක් නැතිනම් දළ වශයෙන් රුපියල් කෝටි 240 විතර ලංකාවේ මාධ්‍යෙවේදීන්ට වැය කරලා තියෙන්නෙ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය වෙනුවට පොදු වචන මාලාවක් උගන්වන්න. ඒ කියන්නෙ ඒ අයට කියනවා නෝනාවරුනි මහත්වරුනි කියලා සභාව අමතන්න එපා කියලා.

සුබ ආරංචියක් . - රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය. - රාජ්‍ය ආයතන 11කට සේවකයින් බඳවා ගන්නේ මෙහෙමයි.

සුබ ආරංචියක් . - රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය. - රාජ්‍ය ආයතන 11කට සේවකයින් බඳවා ගන්නේ මෙහෙමයි.

මිත්‍රවරුනි කියලා අර සමහරු සභාව අමතන්නෙ මේ උපදෙස් අනුවද දන්නෙ නැහැ. ඒ කියන්නෙ ස්ත්‍රී පුරුෂ වෙනසක් ආමන්ත්‍රණයෙදි පෙන්වන්න එපා කියලා මේ යූ.එස් එයිඩ් එක වියදම් කරලා මේ රටේ මාධ්‍යවේදීන්ට උගන්වනවා. ඒ වගේම ලිංග විපර්යාස දිරිගැන්වීම සඳහා කරුණු උගන්වලා තියෙනවා. පාර්ලිමේන්තුවෙත් ඇතැම් මන්ත්‍රීවරු මීට අදාළ පනත් සංශෝධන ගෙනාවා. දැනගන්න තියෙන විදියට යූ.එස් එයිඩ් එක අර මුදල්වලින් මේ අයවත් සංතර්පනය කරලා තියෙනවා.

ඩොනල් ට්‍රම්ප් හා ඉලෝන් මස්ක් අනාවරණය කරන විධියට යූ.එස් එයිඩ්, එන්.ඊ.ඩී සහ සී.අයි.ඒ අනුශාංගික ආයතනවල රෙද්ද ගැලවිලා තියෙනවා. ඒවායින් යැපුණු දේශීය ඒජන්තයො නහයෙන් අඞන්න පටන්ගෙන තියෙනවා. එක්කෙනෙක් තමයි පාක්‍යසෝති සරනමුත්තු මහත්මයා. මෙතුමා කියනවා මේක ඛේදවාචකයක් කියලා. ටික කාලයක් හරි මේක හම්බනොවී තියෙන එක පාක්‍යසෝති සරනමුත්තුලගෙ කොන්ත්‍රාක් ඉටුකරගන්න බැරි වෙන එකට ඛේදවාචකයක්. එගොල්ලො සාමය ගැන කතා කළේ.ගැටුම් නිරාකරණය ගැන කතා කළේ.සංහිඳියාව ගැන කතා කළේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගැන කතා කළේ, මේ ඩොලර්වලින් යැපෙන මාර්ගය විදියටයි. ඒක තමයි ඔවුන්ගෙ ජීවනෝපාය.

මේ වැඩේ මෙහේ ගෝඩ් පාදර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් තමයි පාක්‍යසෝති සරනමුත්තු ඇතුළු එන්.ජී.ඕ තන්ත්‍රය, අනෙක් එක්කෙනා තමයි ජෙහාන් පෙරේරා. ජෙහාන් කියනවා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවලු මේ අරමුදල් ලබා දෙන එක නතර කරලා තියෙන්නෙ. එහෙම කියලා නාහෙන් අඩනවා. කෙදිරිගානවා. අනුර දිසානායක වචනයෙන් කියනවා නම් කෙඳිරිගානවා. අපට පව් කියලා හිතෙනවා. ඔය ජෙහාන්ලා සාම මණ්ඩලේද මොකද්ද එකක් හදාගෙන එල්.ටී.ටී.ඊ ය තියෙන කාලයේ එල්.ටී.ටී.ඊ යට සුදුහුණු ගාමින් සිංහල ජාතිවාදය, සිංහල බෞද්ධ ජාතිවාදය කියමින් සිංහල සමාජයට ගැරහුවා. විවිද පුවත්පත්වලට ඒ මත වාදය කියලා ලිපි ලිවුවා. එහෙම කරමින් විවිද ක්‍රියාකාරකම්වල නිරතවුණේ මේ යූ.එස් එයිඩ් සල්ලි වලින් බව බොහොම පැහැදිලියි. ඒවා නතර උන ගමන් කියනවා. අනේ අපට ට්‍රම්ප් මහත්මයා ඔයා අපට කලින් පොඩ්ඩක් කියන්න තිබුනනෙ කියලා. වෙන රස්සාවක් හොයාගන්න කියලා.

පාක්‍යසෝති කියනවා මේක ඛේදවාචකයක් කියලා. ඒ මගින් පේනවා මේ අරමුදල්වලින් යැපිච්ච, ඒ අරමුදල්වලින් පෙන්වන මත නිෂ්පාදනය කරපු, ඒවා අනුව මේ රටේ ජන මනස හදන්න ක්‍රියාත්මක වෙච්ච විවිද ගොබිලො අද නහයෙන් අඩන්න පටන්ගෙන තියෙනවා. ජනාධිපති අනුරට අනුව අද කෙඳිරිගාන්න පටන්ගෙන තියෙනවා.

මෙරට EPF ඉන්දියා සමාගමක් අතට. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

මෙරට EPF ඉන්දියා සමාගමක් අතට. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

දැන් තමුන්නාන්සෙලාට පේනවා මේ අය ප්‍රධාන වශයෙන්ම ප්‍රවර්ධනය කෙරුව එක ක්ෂේත්‍රයක් තමයි එල්.ජී.බී.ටී.කිවු කියන්නෙ. ඒ කියන්නෙ සංක්‍රාන්තික ලිංගිකයන්ගෙ කතාව. ඉලෝන් මස්ක් ගත්ත්ත් එයාගේ පුතා කුඩා දරුවෙක්. ඉලොන් මස්ක්ගෙ පුතාවත් ලිංග විපර්යාසයකට ලක් කරලා තියෙනවා. එල්.ජී.බී.ටී.කිවු ප්‍රමෝට් කරන්න ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් කටයුතු කළේ නැහැ. අඩුම ගණනේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂයවත් විවෘතව ඒක කළේ නැහැ.

සරදම කියන්නෙ ලංකාවේ එකම දේශපාලන පක්ෂයක් ඒක එළිපිට ප්‍රවර්ධනය කරලා තියෙනවා ඒ තමයි නිදහසේ අභිමානී පා ගමන 2023. මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය. එල්.ජී.බී.ටී.කිවු කට්ටියගෙ දේදුණු වර්ණ කොඩියත් මේකේ තියෙනවා. ඒ පෙළපාලිය තමයි මේ අය උත්කර්ෂවත් තත්ත්වය නංවන්නෙ. ආදරයේ ප්‍රේමනීය පා ගමන කියලා තමයි මේ අය මේකට කිවුවේ. එල්.ජී.බී.ටී.කිවු ප්‍රවර්ධනය කරන්නෙ ඇයි. අමෙරිකාවේ තියෙනවා ඩීප් ස්ටේට් එකක්. රුසියාවෙන් හරෙන් මෙහෙන් නෙමෙයි වැඩිම හානිය වෙලා තියෙන්නෙ මේ ඩීප් ස්ටේට් එකෙන් කියලා ට්‍රම්ප් ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළා. මේකේ කොටසක් තමයි ඔය සී.අයි.ඒ, යූ.එස් එයිඩි සහ එන්.ඊ.ඩී ආදි වශයෙන් තියෙන ආයතන. යූ.එස් එයිඩ් කියන්නෙ මෘදු ආයතනයක්. සංවර්ධනය මුවාවෙන් පෙනී සිටින ආයතනයක්. හැබැයි එන්.ඊ.ඩී කියන්නෙ රෙජීම් චේන්ජ් සඳහා කෙළින්ම වැඩ කරන ආයතනයක්.

යූ.එස්.එයිඩ් එක අධිකරණ ක්ෂේත්‍රයට අරමුදල් සම්පාදනය කරනවා. අපේ රට ඇතුළු රටවල විනිසුරුවන් විදේශ සංචාර සඳහා අරගෙන යනවා.ඒවායේ දී බලපෑම් කරන්න පුළුවන් ශක්තියක් ඔවුන් ගොඩනගාගෙන තියෙනවා. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවලට මේ බලපෑම තියෙනවා.

මේ විදියට ඒ රාජ්‍යන්වල එන පාලන තන්ත්‍රය අමෙරිකා විදේශ ප්‍රතිපත්තියට එකඟ පාලනයක් නෙමෙයි නම් ඒවා පරාජයට පත්කරන්න ඕන කරන මුදල් සම්පාදනය කරන්න. යූ ටියුබස්ලාට වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා ප්ලැට්පොම්වලට වෙන්න පුළුවන්. දිලෙන තරුවලට වෙන්න පුළුවන්. ඇක්ටලාට බැක්ටලාට වෙන්න පුළුවන්. නූතන විහාරමහා දේවිලාට වෙන්න පුළුවන්. මේ ගොල්ලොන්ට සල්ලි පොම්ප කරලා මේ අයගෙන් මතයක් පෝෂණය කරනවා.

දේශපාලඥයොත් මේ ලැයිස්තුවේ ඉන්නවා. අපට ආරංචි හැටියට මේ ආණ්ඩුවේ එක් කෙනෙකුත් යූ.එස් එයිඩ් සල්ලි ගන්න ලැයිස්තුවේ ඉන්නවා. ඒ අය එළියට ඇවිත් අභියෝග කළොත් අපට පුළුවන් කියන්න කවුද කියලා.

දැන් බලන්න මේ අග්‍රාමාත්‍යතුමිය හරිනි. අගමැති වෙන්න කලින් 2015 වෙනකම් හරිනි අමරසූරිය වැඩ කළේ පාක්‍යසෝති සරණමුත්තුගෙ ආයතනයේ. වුමන් ඉන් නීඩ් විත් ෆයිනෑසියල් සපෝට් විත් යූ.එස් එයිඩි ලෝන්ච් අගේන්ස් විත් වයලන්ට්. වුමන්ස් ඉන් තර්ටි ඉයර්ස් වින්. මේ තියෙන්නෙ එතුමිය තමයි ප්‍රධාන ආරාධිත අමුත්තා. මේකට ෆන්ඩ් දෙන්නෙ යූ.එස්.එයිඩි.ඉලෝන් මස්ක් කියන්නෙ යූ.එස් එයිඩ් කියන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක්. විකාර රූපි දෙයකට ශ්‍රී ලංකාවට විශාල මුදලක් දිලා. කෝටි 240කට වැඩියි. ලංකාවේ සමස්ත විද්‍යුත් මාධ්‍ය වටිනාකම ඩොලර් මිලියන 6.5යි. මේකට 7.9 දීලා තියෙනවා. එතකොට ඊටත් වඩා වැඩි මුදලක් තමයි මේ දීලා තියෙන්නෙ.

අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ විපක්ෂයටත් අභියෝග කරනවා. කරුණාකරලා මොන මොන මාධ්‍ය ආයතනවලට සල්ලි දුන්න ද ? එල්.ජී.බී.ටී.කිවු ප්‍රවර්ධනය කරන්න එයාලා මොන මොන දේවල් කරා ද ? මොන මොන ක්‍රියාමාර්ග ගත්ත ද ? රුපියල් කෝටි 240කට වඩා මුදල් මොන මොන විදියට ද බෙදිලා ගියේ. මේ මුදල් වලින් හැදුවේ එල්.ජී.බී.ටී.කිවු ප්‍රවර්ධනය පමණක් ද ? යූ ටියුබස්ලාට කොච්චර සල්ලි දුන්න ද ? එගොල්ලො රෙජීම් චේන්ජ් වෙනුවෙන්, පාලන තන්ත්‍රයේ වෙනසක් වෙනුවෙන් මේ අරමුදල් අරගෙන කොයි විදියට ද හැසිරුනේ? විශේෂයෙන්ම බෞද්ධ විරෝධී අනාගමිකවාදී කොටස්වලට මේ යූ.එස්.එයි එයිඩ් එකෙන් කොතරම් සල්ලි දුන්න ද ?

බොහොම පැහැදිලියි ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය 2023 පාගමනට පවා සහභාගිවෙලා ඒක සාධාරනීකරණය කරලා තියෙනවා. හරිනි අගමැතිනිය යූ.එස්.එයිඩ් ආයතනයේ මුදල් ලබන ආයතනවලට ප්‍රසිද්ධියේ පෙනී සිටිනවා. ඉලෝන් මස්ක් කියනවා මේක ත්‍රස්තවාදි සංවිධානයක් කියලා. මේකෙන් පේනවා ලෝකයේ ලිංගික විපර්යාස තියෙනවා. මේත් ලිංගික විපර්යාසයකට ලක් කරලා තියෙන්නෙ. ඔහු වඩාත් වේදනාවට පත්වෙලා තියෙන්නෙ මේ තත්ත්වය මතයි. එතකොට ඒ ලිංග විපර්යාසය කළාට පස්සෙ මොකද වෙන්නෙ ? දරුවන් උපද්දවන්න බැරි වෙනවා.

ඒ මගින් ඔය ඩීප් ස්ටේට්වල ඉන්න බිල් ග්රේට්ස්ලා ලෝක ආර්ථික සමුළුවක දි ඉතා පැහැදිලිව කිවුවා ලෝකයේ ජනගහනය වැඩියි මේක අඩු කරන්න ඕන කිවුවා. ඒකට වසංගත හදන්න ඕන. ඒවට ඕන කරන වැක්සිං අපි හදන්නත් ඕන කිවුවා. වසංගත හදලා ලෝක ජනගහනයත් අඩු කරනවා. වැක්සිං හදලා ඒවා විකුණනවා. ඒ ගොල්ලො හිතන්නෙ ජනගහනය අඩු කරාම අර අයිස් කඳු දියවෙන එක නතරවෙයි.ලෝකයේ රස්නය අඩුවෙයි. එමගින් බිල් ග්‍රේට්ස්ලා වගේ අයගෙ ජීවිත සුරක්ෂිත කරන්න පුළුවන් කියලා.

එල්.ජී.බී.ටී.කිවු ඇතුළු මේ ක්‍රමයෙන් හොඳට ඉන්න කෙල්ලො කොල්ලො කිරීමෙන්,හොඳට ඉන්න කොල්ලො කෙල්ලො කිරීමෙන්, දරු උපත් නැති කිරීමෙන් බලාපොරොත්තුවන අරමුණු දෙකක් තියෙනවා. එකක් ලෝක ජනගහනයේ වර්ධනය නතරකරන එක. දෙක හෝමෝන සඳහා හැමදාම එන්නත් කිරීම ඇතුළු මහා ව්‍යාපාරික අවස්ථාව නිර්මාණය කිරීම. මේක මේ රටටත් බස්සන්න තමයි ඩොලර් මිලියන 7.9ක් වැය කළේ. මේ එන්නෙ බිල් ග්‍රේට්ස්ලාගේ උවමනාව ඉටු කරන්න.

ඉලෝන් මස්ක් කියනවා තුන්වැනි ලෝකේ රටවලට දීපු මුදල්වලින් විශාල ප්‍රමාණයක් ගසා කාලාලු. අපි කැමතියි මේ ඩොලර් මිලයන 7.9 කොච්චර ගසා කාලාද කියලා දැනගන්න. ගසා කෑවා නම් එක අතකින් ඒක යහපතක්. මේ කුණු කන්දල් ප්‍රවර්ධනයට සැබෑ ලෙසම අරමුදල් යොදවන්නෙ නැතිව. මේක තමයි ඇත්ත කතාව. ආණ්ඩුව මේක හෙළිදරව් කරන්නෙ නැත්නම්.පාර්ලිමේන්තුවෙත් මේක හෙළිදරව් කරන්නෙ නැත්නම්, තේරිම්කාරක සභාවක් හරි පත් කරලා. මේ තේරිම් කාරක සභාවට ආණ්ඩුවේ හා විපක්ෂයේ හැමෝම සහභාගිවෙලා, යූ.එස්.එයිඩ් සහ අනෙකුත් ආයතනත් ගෙනල්ලා, මාධ්‍ය ආයතනවල අය ගෙනල්ලා, කීයක් තමුන්නාන්සෙලාට හම්බ උනාද ? මොනවද ඒවායින් කළේ කියලා අහලා. කරුණාකරලා තේරිම්කාරක සභාවකින් හරි වාර්තාවක් ඉදිරිපත් කරන්න.මේ රටවල්වල අභ්‍යන්තර දේශපාලනයට ඇගිලි ගහන්න මේ වගේ බාහිර ආයතනවලින් සල්ලි බලයෙන් මේ රටේ මිනිසුන්ව මිලට අරගෙන පාක්‍යසෝතිලා ජෙහාන්ලා වගේ අය මේ රටේ ජනමතය විකෘති කරන්න සල්ලි අරගෙන, මේ රටේ සංස්කෘතික පදනම විනාශ කරන්න දේශපාලන නායකයොත් මිලදී අරගෙන තියෙනවා. දේශපාලන නායිකාවනුත් මිලදී අරගෙන තියෙනවා. අපි ඒවා ඉදිරියේ දී නම් පිටින් අනාවරණය කරනවා. ඊට කලින් පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවක් පත් කරලා පුළුවන්නම් වාර්තාවක් ඉදිරිපත් කරන්න. කොන්ද පණ තියෙන එකෙක් හරි විරුද්ධ පක්ෂයේ ඉන්නවා නම් කරුණාකරලා තේරිම් කාරක සභාවක් දාන යෝජනාව ගේන්න. ගෙනල්ලා අනුමැතිය අරගෙන මේ පිලිබඳව විමර්ශනය කරලා මාස තුන හතරක් ඇතුළත වාර්තාවක් නිකුත් කරන්න.

මේ සල්ලි කොහෙටද කාගෙ අතට ද ගියේ ? මොනවද ඒ මාධ්‍ය ආයතන කළේ ඒ ඇරෙන්න යූ ටියුබස් ලාට වෙනස් ජනමතය නිපදවන්නන්ට කොයි විදියටද සල්ලි බෙදුනේ කියලා රටට අනාවරණය කළ යුතුයි. යූ.එස්.එයිඩ් එක ඇතුළු ඔය ආයතන ගෝඨාභය රාජපක්ෂ පාලනය පළවා හැරීම දක්වා ක්‍රියාන්විතයට කොයි විදියට ද අරමුදල් සැපයුවේ, කොයි විදියට ද කට්ටිය පුහුණු කළේ, කොයි විදියට ද කැමරා බඩු බෙදුවේ,කොයි විදියටද යූ ටියුබස්ලා හැදුවේ, කොයි විදියට ද ඔවුන්ට මග පෙන්නුවේ කියලා 9 සැඟවුණු කතාවේ මම කරුණු සහිතව අනාවරණය කරලා තියෙනවා. කිසිම කෙනෙක් අද වෙනකම් මේකට අභියෝග කරලා නැහැ.

අපි මේක අනාවරණය කරනකොට හිනාවෙනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා. ටිල්විනුත් කිවුවා. ටිල්වින් දැන් මොඩිෆයි වෙලානේ.ජුලියා චංග් නෝනා එක්ක නේ හුරතල් වෙන්නෙ. රතු හැට්ටිකාරි වගේ එනවා ජුලියා චංග් නෝනා රතු ගවුමක් ඇඳගෙන පැලවත්තට,ටිල්වින් එයා එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරනවා.

ඒ නිසා එයාට අපි මේවා කියන කොට අසනීපයක් හැටියට පේන්න පුළුවන්. ඒක තමයි ටින්ගෙ තත්ත්වය දැන්. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. යූ.එස්. එයිඩ් එක ලෝකයේ ප්‍රමුඛතම රටවල සම ලිංගික ක්‍රියා ඉදිරියට ගෙනයාමට ඩොලර් මිලියන 6ක් වැය කරලා තියෙනවා. දකුණු අප්‍රිකාව ලිංගික සබඳතා පවත්වන පුරුෂයින් සඳහා ඩොලර් මිලියන 6.3ක් දීලා තියෙනවා. ඒ කියන්නෙ සමරිසි වැඩේ ප්‍රවර්ධනය කරනවා. ඒකට තමයි සල්ලි දෙන්නෙ. ඒ වගේ අය ඒ සංස්කෘතිය එක්ක බැඳිලා ඉන්නවා.

මේක රටවල්වල දේශපාලන විකෘතියක් නෙමෙයි. සංස්කෘතික හා සමාජ විකෘතියක්. සමස්ත විකෘතියකට මග පාදන ක්‍රියාන්විතයක්. 2014 ඉදලා බෞද්ධ විරෝධී යූ ටියුබස්ලා හතු පිපෙන්න වගේ හැදුනා. ඒවා අවේ මේ සල්ලි පොම්ප කරාම.

ආණ්ඩුව මේක හෙළිදරව් කරන්නෙ නැත්නම්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේ ගැන පරීක්ෂණයක් කරන්න කොන්ද පණ නැත්නම්, එදා අපි හිටපු ජේ.වී.පී එකනම් එන්.ජී.ඕ ගැන හොයන්න පාර්ලිමේන්තුවේ වෙනම තේරිම් කාරක සභාවක් දැම්මා. ඒකෙ සභාපති උනේ විජිත හේරත් සහෝදරයා නිසා ඒක පරිසමාප්තව අවසන් කරගන්න බැරි උනා. නමුත් දාන්න උනා. අද එහෙම කරනවා නම් අපි කැමතියි. බැරි නම් විපක්ෂයේ කොන්ද පණ තියෙන එකෙක් හරි ඉන්නවා නම් තේරිම් කාරක සභාවක් දාලා මේ ගැන හොයලා වාර්තාවක් නිකුත් කරන්න කියලා අපි ඉතා ඕන කමින් ඉල්ලා සිටිනවා.

You may like this video

 

ReeCha