මේ පාර අපප්ච්චි බාල පුතා චිචීත් එක්ක අලුත් අවුරුද්ද සමරද්දී ගෝටාත් එක්වේ (PHOTOS)

Sinhala and Tamil New Year Mahinda Rajapaksa Rohitha Rajapaksa Sinhala news
By Shehan 15 days ago
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.

ඒ වෙනුවෙන් ඔහු නිවේදනයක් ද නිකුත් කළේය:

“සංස්කෘතිය යනු බීජයකි. නැවත නැවතත් එය නව පසෙහි රෝපණය කළ යුතුය. මහා සංස්කෘතියක වුවද අඛණ්ඩතාවය තහවුරු වන්නේ එවිටය. මා සිතන අයුරින් සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කළ හැකි හොඳම ක්‍රමය එය නිවැරදි අයුරින් පරිණාමය වීමට ඉඩ දීමයි. පුංචි දරුවන් වැඩිහිටි අපගේ රටාවන් අනුකරණය කරන අතර අප ඔවුන්ගේ ජීවමාන නිදර්ශනයන්ය. හෙළ සිරිත් විරිත් ඇසුරින් ඔබේ දරුවන්ට ඔවුන්ගේ නිජ බිමෙහි හදගැස්ම හා උරුමයක අලංකාරය විඳගන්න ඉඩ දෙන්න. සංස්කෘතියට මුල්තැන දෙමින් සම්ප්‍රදායට ගරු කරමින් මම මුණුපුරු මිණිපිරියන් සමඟ සතුටින් අලුත් අවුරුදු දින නැකැත් චාරිත්‍ර ඉටු කළෙමි.”

[

ඒකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මියද එක්ව සිටියාය.

ReeCha