සියලුම තීරණාත්මක අවස්ථා වලදී, කරපු උදව්වලට ස්තුතියි - හිටපු ජනපති මහින්ද
එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් චීන තානාපති Qi Zhenhong මහතා, හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා හමු වී සුබ පැතුම් එක් කර තිබෙනවා.
එනම්, ත්රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයට, පශ්චාත් යුද ප්‍රතිසංස්කරණවලට සහ COVID-19 වසංගතයට එරෙහි සටන වැනි ශ්‍රී ලංකාවේ සියලුම තීරණාත්මක අවස්ථාවන්වලදී වටිනාම සහය අඛණ්ඩව ලබා දීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා එහිදී චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කර ඇති බව වාර්තා වනවා.
එසේම වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා චීනයේ සහය අගය කරන බවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
දෙරට සහ ජාතීන් අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු කිරීම, විවිධ ක්ෂේත්රවල හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පොදු අවශ්‍යතා ඇති අනෙකුත් කරුණු පිළිබඳව ද දෙපාර්ශ්වය පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත් බවද සඳහන්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |