පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

Report

"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධාන අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස රජයට භාරදීමට සිදුව තිබේ.

මේ වන විට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් නිල නිවාස භාවිත කරනු ලබයි. ඊයේ (10) සම්මත වූ මෙම පනත යටතේ ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී ඇත.

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත යාමට සූදානම් බවයි.

ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් හිටපු ජනපතිවරුන්ට ගිය වසරේ වියදම් කර ඇති මුදල් ප්‍රමාණ මෙන්න

ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් හිටපු ජනපතිවරුන්ට ගිය වසරේ වියදම් කර ඇති මුදල් ප්‍රමාණ මෙන්න

  

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා තංගල්ල කාල්ටන් නිවසේ අද (11 වැනිදා) පස්වරු 4 ට විශේෂ උත්සවයක්ද සූදානම්කර ඇත. හිටපු ජනාධිපතිවරයාට සමුදීම සඳහා අද (11 වැනිදා) පෙරවරුවේ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිප දෙනකු විජේරාම පාරේ නිවසට පැමිණීමටද නියමිතව තිබේ.  

මේ සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ට අද සවස තංගල්ල කාල්ටන් නිවසට පැමිණෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩ හුවමාරු වෙමින් පවතී.

මීට අමතරව, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද තම නිල නිවාස රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අදාළ නිල නිවාස භාරදීමට කටයුතු නොකළහොත්, ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ හෙට කාල්ටන් නිවසට?

මහින්ද රාජපක්ෂ හෙට කාල්ටන් නිවසට?

මේ අතර, "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධාන අනුව ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසයි. පනත අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති අතර, ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව එක් ඡන්දයක් හිමි විය. ඒ අනුව, වැඩි ඡන්දයෙන් සම්මත වූ පනත් කෙටුම්පත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අත්සන් කර පනතක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම පනත බලාත්මක වීමත් සමඟ, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ඔහුගේ වැන්දඹූවකට ලබා දී ඇති නිල නිවාස, මාසික දීමනා, මාසික ලේකම් දීමනා, නිල ප්‍රවාහන, වෙනත් සියලු පහසුකම් මෙන්ම වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ද අහිමි වනු ඇත.

අපි කොයි වෙලාවෙවත් ලයිට් බිල් වැඩි කරන්න කිව්වේ නෑ, හැබැයි රට අඳුරට ගියොත් කරන්න දෙයක් නෑ - කෝසල

අපි කොයි වෙලාවෙවත් ලයිට් බිල් වැඩි කරන්න කිව්වේ නෑ, හැබැයි රට අඳුරට ගියොත් කරන්න දෙයක් නෑ - කෝසල

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල