මම මැරිලාත්, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා - මහින්දගෙන් නිවේදනයක්..

Report

ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය අවසන් කර 16 වසරක් සපිරෙන මොහොතේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

මේ එහි සාරාංශයයි.

දශක ගණනාවක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය පරාජය කර, සියලු පුරවැසියන්ට ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් බිහි කිරීම සැමගේ සිහිනයක් විය.

චණ්ඩි ටෝක් දාන්න එපා.. ජනපතිට වඩා ලොකු චණ්ඩි ගෝඨාභයලා අන්තිමට කෙළවගත්තා

චණ්ඩි ටෝක් දාන්න එපා.. ජනපතිට වඩා ලොකු චණ්ඩි ගෝඨාභයලා අන්තිමට කෙළවගත්තා

මෙම යුද්ධය දෙමළ ජනතාවට එරෙහිව නොව, ත්‍රස්තවාදයට එරෙහිව සිදු කෙරුණකි. රටේ සියලු ජනතාව අපේම ජනතාව ලෙස සැලකේ.

ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් සහ මිනිස් බෝම්බ බවට පත්ව සිටි දෙමළ සිවිල් ජනතාව මුදා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සිදු කළ මානුෂීය මෙහෙයුම් අතිශයින් විශිෂ්ට විය.

 එවන් ජීවිත බේරා ගත් දෙමළ ජනතාව ඒ බවට සාක්ෂි දරනු ඇත.

විශේෂ රථවාහන සැලැස්මක් හෙට

විශේෂ රථවාහන සැලැස්මක් හෙට

යුද්ධය අවසන් කිරීමෙන් පසු, තමා දණින් වැටී නමස්කාර කළේ රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් රැකගත් නිදහස් මාතෘ භූමියට බව ඔහු පවසයි.

තමා ජීවත් නොවන දිනක වුවත්, මාතෘ භූමිය ස්වෛරී රාජ්‍යක් ලෙස එකම සිංහ ධජය යට පවතිනු ඇතැයි තම එකම ප්‍රාර්ථනය බව ඔහු සඳහන් කළේය.