සාකච්චාවක් ලැබීම අරගලයේ ජයග්‍රහනයක්.. ප්‍රතික්ශේප කරන්න එපා. හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය මහතා තැබූ සටහන..
ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලකරුවන් සමග තමන් හමු වී සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින්, ඒ බව කියා සිටියේ අද (13) පෙරවරුවේදීයි.
එහෙත් අදාළ සාකච්ඡාව තමන් ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවයේ නිරත පිරිස අග්‍රාමාත්‍යවරයාට යැවූ බව සඳහන් පිළිතුරු ලිපි කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ඒ පිළිබඳව උද්ඝෝෂණ භූමියේ රැඳී සිටින පිරිස ද ප්‍රතිචාර දැක්වුවා.
අරගලකරුවන් පවසන්නේ, කිසිදු සාකච්ඡාවක් අවශ්‍ය නොවන බවත්, වහාම පාර්ලිමේන්තුවේ 225 දෙනා ඉල්ලා අස්වී යා යුතු බවත් ය. මේ අතර, මෙම නිර්පාක්ෂික අරගලකරුවන් අග්‍රාමාත්‍යවරයාට ලබාදුන් පිළිතුරට හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ද අදහස් පළ කර තිබෙනවා.
සිය නිල ෆේස් බුස් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ, පළමුකොට සාකච්ඡාවට ආණ්ඩුව කැමති වීම ම අරගලයේ ජයග්‍රහණයක් බවයි.
සාකච්ඡා යනු අරගලය විසඳීමේ සහ ජයග්‍රහණය කිරීමට ඇති හොඳම උපාය මාර්ගයක් බවත්, කිසිසේත්ම අරගලකරුවන් එම ආරාධනය ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව ද හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. එවන් තත්ත්වයක් තුළ ගාලු මුවදොර ඇරඹි විරෝධතාවය අඛණ්ඩව පස්වන දිනටත් ක්‍රියාත්මක වුණා.
ඊට නම්දරා සිටින ප්‍රවීණ කලාකරුවන් රැසක් ද එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.