පොහොර සම්බන්ධයෙන් ලංකාවේම සිදු කිරීමට යන අලුත් වැඩක් ගැන කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

Mahinda Amaraweera Sri Lanka
By krishani Jun 19, 2022 08:39 AM GMT
krishani

krishani

Report

එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එප්පාවල පොස්පේට් නිධියෙන් වී සහ අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපිරි පොහොර(ටී.එස්.පී) සහ තනි සුපිරි පොහොර(එස්.එස්.පී) නිෂ්පාදනය ඉක්මනින් ආරම්භ කිරීමට වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.

එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව පොස්පේට් මෙට්‍රික් ටොන් මිලියන 60ක් පවතින බවත් වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 6ක මුදලක් වැය කිරීමට රජයට සිදුවන බවත් සාකච්ඡාවේ දී පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join