හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුවිශේෂීම තැනකට යයි..
අද (07) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඳ පුදා ගැනීමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගෙන ඇත.
අප වාර්තාකරු ඒ බව සඳහන් කළේ ය.
මේ අතර මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් නීතීවේදීන් සමඟ ඊයේ (06) පැවති හමුවකට එක් වෙමින් ය.
එමෙන්ම, පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යළි එසේ නොවීමට නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බව එහිදී කියා සිටියේ ය.
කෙසේ වෙතත්, රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ද ජනාධිපතිවරයා නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
