නිවාඩු ගැන රාජ්‍ය සේවකයින්ට එකවරම කළ දැනුම්දීම මෙන්න.

Report

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවාඩු ගැන රාජ්‍ය සේවකයින්ට එකවරම කළ දැනුම්දීම මෙන්න. | Notice To Government Employees About Annual Leave

ඒ එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් ය.

ඒ අනුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇත.

බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න.

බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න.


එම නිවේදනයේ සඳහන් වන්නේ එම  කාලසීමාව තුළ දී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට ය.

එසේම මෙම කාලසීමාව තුළ දී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට ද වැඩිදුරටත් අදාළ නිවේදනය මගින් අවධාරණය කර ඇත.

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..


එමෙන්ම, මේ වනවිට රජයේ සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් මෙම නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමට කටයුතු කරන ලෙසට ද වැඩිදුරටත් එම නිවේදනය මගින් දැනුම්දී තිබෙනවා.