සුන්දර මහේෂි මධුෂන්කා සැමියා එක්ක කාටත් හොරා ඇල්ලේ ගියපු සැප ට්‍රිප් එක (PHOTOS)

Gossip Today Sri Lankan Actress
By Sithumi Jun 24, 2022 02:24 PM GMT
Sithumi

Sithumi

Report

කළා ලෝකයේ වැඩිම ජනප්‍රියත්වයට හිමි කරගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි මහේෂි මදුෂන්කා කියන්නේ, ඒ වගේම පුංචි තිරයේ ඉන්න අහිංසකම රංගන ශිල්පිනිය විදියට බොහොමයක් දෙනා හඳුන්වන්නේත් මහේෂි ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන මහේෂි ගැන ටිකක් කතා කරන්න.

ඉතින් මහේෂි ජනප්‍රිය නිලියක් වශයෙන් දැන් ඔබ ඉතාම දීර්ඝ කාලයක් රංගනයේ නියැලිලා ඉන්නවා, ඉතින් සැමියා මහේෂිට රඟපාන්න එපා කියලා තහංචි දාන්නේ නැද්ද ”අනේ නෑ සම්පත් හරිම හොඳ කෙනෙක්, හැබැයි එයා ටිකක් සැරයි. ඒත් එයා මට තහංචි දාලා නෑ, මම එයා එක්ක විවාහ වුනෙත් ඒ නිසා, මට කලින් ප්‍රේම සම්බන්දතා තිබිලා තියෙනවා, ඒ සම්බන්දතා එක්ක බලද්දී සම්පත් කියන්නේ මට වදයක් නොදී හිටපු කෙනෙක්.

එයාගෙන් මට කිසිම පීඩනයක් නෑ මම වැරදි කරන්නේ නෑ කියලා දන්නා නිසා එයා මට කරදර කරන්නේ නෑ” සැමියා ඔබට ලැබුනේ කලාව නිසා ද ? 

”මෙහෙමයි එයා මට මීට් වෙන්නේ කොරියාවේ සංචාරයකට ගිය වෙලාවේ, එහෙදී තමයි සම්පත් මට මුණගැහුනේ. ඒ එයාගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන්. අපි යාළුවො වගේ කතා කරන්න ගත්තා ඉතින් එහෙම කාලයක් ගියා පස්සේ ටිකෙන් ටික අපි අතර තිබ්බ බැඳීම වැඩිවෙන්න ගත්තා පස්සේ තමයි ඒ බැඳීම ආදරයක් විදියට පෙරලිලා විවාහයක් දක්වා දුර ආවා, දැන් අපි ගොඩක් ආදරෙන් ඉන්නවා” කළා ක්ෂේත්රයේ මහේෂිට ලැබෙන්න තිබ්බ සමහර වැඩ එක පාරම අහිමි වෙලා තියෙනවා නේද?

”අනේ මටනම් ඒ ගැන කිසිම දුකක් නෑ, සමහර නවක අය හිතාගෙන ඉන්නවා එක එක විදියේ ඇඳුම් අන්දම අඟ පොඩ්ඩක් වෙන්නුවම ජනප්‍රිය වෙනවා වෙනවා කියලා ඒත් මට ඒ වගේ දේවල් කරලා ජනප්‍රිය වෙන්න ඕන වුනේ නෑ, මම තාමත් එහෙමයි, එදා ඉඳන් අද වෙනකන් මට තියෙන ප්‍රේක්‍ෂක ආදරේ පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ, ඉතින් ඒ ගැන මට හරිම සතුටුයි”

කොහොම වුනත් දරුවන් දෙදෙනා සහ ආදරණීය සැමියා සමග ගොඩක් සුන්දර ජීවිතයක් ගත කරන, මහේෂි මේ ළඟදී සැමියා සමග ඇවිදින්න ගිහින් කියලා අපට දැනගන්න ලැබුනා, මහේෂි ගිහින් තියෙන්නේ ඇල්ල ප්‍රදේශයේ, ඇල්ල ප්‍රදේශය කියන්නේ ලංකාවේ ගොඩක් ලස්සන ප්‍රදේශයක් ඉතින් මහේෂි සහ මහේෂිගේ ආදරණීය සැමියා ඇල්ලේ ගිහින් හොඳට විනෝද වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුනා, ඒ වගේම ඒ අවස්ථාවේ සුන්දර පින්තූර කිහිපයක් ඇය ඇයගේ සමාජ ජාලා වලටත් එකතු කරලා තිබ්බා”

GalleryGalleryGalleryGalleryGallery