ශ්‍රී ලංකාවේ තවත් විශිෂ්ඨයෙකු ජාත්‍යන්තරය අතික්‍රමණය කරයි..

Sri Lanka American Sri Lanka army Mahesh senanayake
By Aruna Nov 20, 2021 06:57 AM GMT
Aruna

Aruna

Report

හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක එක්සත් ජනපද යුධ හමුදා අණදෙන සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ ජාත්‍යන්තර සදාතනික විශිෂ්ටයන්ගේ ලේඛනයට ( ඉන්ටර්නැෂනල් හෝල් ඔෆ් ෆේම්) ඇතුළත් වූ පළමු ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා බවට පත්ව තිබෙනවා.

කැන්සාස් ෆෝට් ලීවන්වර්ත්හි පිහිටි එක්සත් ජනපද හමුදා අණ සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ අයිසන්හවර් ශ්‍රවණාගාරයේදී පසුගිය අඟහරුවාදා (16) පැවති උත්සවයකදී ඔහු වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරුණා.

එහිදී එක්සත් ජනපද හමුදා අණ සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ සදාතනික විශිෂ්ටයන්ගේ ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන හිටපු යුද හමුදාපතිවරයාගේ ඡායාරූපයක් එළිදැක්වීමද සිදු කෙරුණා.

ඊට අමතරව ඔහු සදාතනික විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට එක් වූ බවට දැක්වෙන සම්මානයක්ද පිරිනැමුණා.

හිටපු යුධ හමුදාපතිවරයා මෙම ගෞරවනීය යුද හමුදා පුහුණු පාසල උසස් පාඨමාලාව හදාරා ඇත්තේ ද 2000 වර්ෂයේදී. මෙම පුහුණු පාසලේ සදාතනික විශිෂ්ටයින්ගේ ලයිස්තුවට එක් වූ පළමු ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරියා වන්නේ, හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකයි.

ඔහු එක්සත් ජනපද හමුදා අණ සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ ජාත්‍යන්තර සදාතනික විශිෂ්ටයින්ගේ ලයිස්තුවට එක් වූ 286 වැනි යුධ හමුදා නිලධාරියා මෙම සම්මානයේ අරමුණ වන්නේ හමුදා කුසලතා තුළින් තම රටේ සන්නද්ධ හමුදාවන්හි වැදගත් තනතුරු ලබා ගත් එක්සත් ජනපද හමුදා අණ සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ ජාත්‍යන්තර උපාධිධාරීන් සඳහා කීර්තිමත් සහ දෘශ්‍යමාන පිළිගැනීමක් ලබා දීමයි.

මෙම සම්මාන ප්‍රදාන උත්සවයේදී හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට අමතරව සිංගප්පූරු සන්නද්ධ හමුදා ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් පෙරී ලිම් චෙං යෙව් හටද මෙම සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට එක් වීමේ සම්මානය ප්‍රදානය කෙරුණා .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha