මහේල හදිසියේම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක් වෙයි..ලංකාවට සතුටුදායක ආරංචියක්.

Indian Sri Lanka Cricket Mahela jayawardhane
By Aruna Oct 11, 2021 02:41 AM GMT
Aruna

Aruna

Report

මහේල කීවාටත් කලින් ශ්‍රී ලංකා පිලට එක්වෙයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ මුල් කණ්ඩායම් හතර අතර ස්ථානයකට නොපැමිණීමත් සමග එහි පුහුණුකරු මහේල ජයවර්ධන ඊයේ (10 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු වශයෙන් එක් වීමට නියමිත බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමද ඕමාන තරග සංචාරයෙන් අනතුරුව ඊයේ (10 වැනිදා) එක්සත් අරාබි එමීර් වෙත පැමිණි අතර මහේලද අයි.පී.එල්. ජෛව ආරක්ෂණ බුබුළේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් ජෛව ආරක්ෂණ බුබුළ වෙත පැමිණෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා විය.

මහේල ලබන 16 වැනිදා සිට 23 වැනිදා දක්වා වූ දින 07ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබුණත්, මුම්බායි පිල මූලික වටයෙන් ඉවත් වීමත් සමග කල් ඇතිව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වී ඇති බව සැල වේ.

ඒ අනුව මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු වශයෙන් දින 14ක් හෙවත් නැම්බියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමග ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය අවසන් වන තෙක් කටයුතු කරනු ඇත.

ක්‍රිකට් පුහුණුකරුවෙකු වශයෙන් ලොව පුරා කීර්තියක් අත්කරගෙන සිටින මහේල ඉන් අනතුරුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු වශයෙන් කටයුතු කරනු ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මූලික කර ගනිමින් මහේල යොවුන් කණ්ඩායම සමගින් එක්වන අතර ඔහු යොවුන් කණ්ඩායම සමගින් මාස 05ක කාලයක් කටයුතු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha