"අපි මේ දකින නපුරු හීනෙන් ඇහැරවන්න මගෙ දුවේ" ජනප්රිය රංගන ශිල්පී මාධව විජේසිංහගේ ආදරණීය පුංචි දියණිය සදහටම නික්ම යයි..
ශ්රී ලංකාවේ ජනප්රිය රංගන ශිල්පියෙක් සහ නිවේදන ශිල්පියෙක් වන මාධව විජේසිංහ ගේ සොහොයුරාගේ දියණිය ඩෙංගු රෝගය හේතුවෙන් අද දින මරණයට පත්ව තිබෙනවා.
ඔහු එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින සිය සමාජ ගිණුමේ සටහනක්ද තබා තිබුණා.
ඉතින් එම පුංචි දියණිය අද දිනයේ මරණයට පත්ව ඇති බව ද මා ද විජේසිංහ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශකර සිටියා එමෙන්ම සාරංග දිසාසේකරද ඒ පිළිබඳ සටහනක් තබමින් ප්රකාශ කර සිටියා.
ඩෙංගු රෝගය හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ සිටි එම දියණිය ලෙස අද මරණයට පත්ව තිබෙනවා.
හෙට දිනයේ ඇයගේ අවසන් කටයුතු සිදුවන බවද බවද මාධව විජේසිංහ සිය ප්රේක්ෂකයන් වෙත සංවේගයෙන් දැනුම් දෙනු ලැබුවා.
ඔහු ඊයේ සහ අද දින තැබූ සියලු සටහන් පහතින්
උපුටා ගැනීම.
අපෙ හිතට හරි බයයි - සුදු දෝණි නිදි හැඩයි නිදි නැතිව වෙව්ලමින් - ඉකි ගසයි හිත හඬයි සුදු දුවේ නැගිටින්න - අපි යන්නෙ නෑ ඔන්න ඇස් ඇරල හිනැහෙන්න - හිතට වීරිය ගන්න බලන් වීදුරු දොරින් - පිච්චෙමින් හිත
බයෙන් වටකරන් කඩිසරෙන් - දොස්තරල සීරුවෙන් දැඩිසත්කාර ඒකකයේ - නර්ස්ලයි දොස්තරයි මේ තරම් වෙහෙසෙන්නෙ - සුදු මැණික ඇහැරන්න ඔයා ආසම විදිහේ - මල් ගවුම් හරි ගොඩක් ආච්චී ගෙනල්ලලු - දෝණිගේ හැඩ බලන්න සේලයින් බටගොඩක් - ගහනකොට මගෙ දුවට ඒ නර්ස් නැන්දලා - රිද්දුවේ නෑ නේද? හරි පුංචි මදුරුවෙක් - මගෙ දූට විදලාලු දැන් ඉතිං කමක් නෑ - මගෙ දුවේ නැගිටිමුද?
බාප්පට හරි දුකයි - දූ ඔහොම නිදනකොට පුතේ මේ බාප්පා - තරහ වෙනවා ඔන්න සුවවෙන්න රිසලි දූ - හැමෝගෙම සෙත් බලෙන් තුණුරුවන් ගේ බලෙන් - සියලු දෙවි පිං බලෙන් ????????
(2022 පෙබරවාරි 05 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී)
ඔහුගේ ආදරණීය දියණියට ගගන අපි නිවන් සුව පතමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


