හෙට දිනයේ මේ මාර්ගය වසා තැබේ - විකල්ප මාර්ග ගැන දැනුම්දීමක්

Report

දරුණු ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන මා ඔයේ වේගවත් ජල පහරට ගසා ගෙන එන ලද විශාල උණ පඳුරු, ගස් මුල් සහ විවිධ අපද්‍රව්‍ය මා ඔය ප්‍රධාන පාලමේ සිරවීම හේතුවෙන් එම අනතුරුදායක සුන්බුන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුම හෙට 09 වැනිදා සෘජුවම සිදුකරන බව නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව, හෙට දින උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා වූ දීර්ඝ කාලය තුළ මෙම බරපතළ සුන්බුන් ඉවත් කිරීමේ යාන්ත්‍රික කටයුතු අඛණ්ඩව සිදුකරන බැවින්, එම කාලසීමාව තුළ මා ඔය පාලම මතින් ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන සියලුම සැහැල්ලු හා බර වාහන ඇතුළු රථවාහන සඳහා පාලම තාවකාලිකව වසා තැබේ.

සුළු මොහොතකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් රෝහලට

සුළු මොහොතකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් රෝහලට

ඒ වෙනුවට නම් කර ඇති ආරක්ෂිත විකල්ප මාර්ග පමණක් භාවිතා කරන ලෙස රියැදුරන් ඇතුළු සමස්ත මහජනතාවගෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතා කාරුණිකව ඉල්ලා සිටියි. 

ඒ සඳහා භාවිතා කළයුතු විකල්ප මාර්ග පහත පරිදි දක්වා තිබේ.

පන්නල දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කොළඹ 05 මාර්‌ගයට පිවිසෙන රථවාහන - බෝපිටිය, මැල්ලවලාන හන්දියෙන් කොටදෙනියාව මාර්‌ගය ඔස්සේ කොළඹ 05 මාර්‌ගයට ඇතුළුවීම.

කුරුණෑගල දෙස සිට කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථවාහන - මාහරගම, බෝයවලාන හන්දිය, නවතල්වත්ත, අඹේපුස්ස, කණ්ඩලම හරහා ගිරිඋල්ල මාර්‌ගයට පිවිස හද්දමුල්ල හන්දියෙන් කොළඹ 05 මාර්‌ගයට පිවිසිය හැකිය.

කොළඹ දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කුරුණෑගල දෙසට හා ගිරිඋල්ල නගරයට පැමිණෙන රථවාහන - හද්දමුල්ල හන්දියෙන් මිරීගම මාර්‌ගයට පිවිස කණ්ඩලම, අඹේපුස්ස ගොවිපොල, නවතල්වත්ත, බෝයවලාන, මාහරගම හරහා කුරුණෑගල මීගමුව මාර්‌ගයට පිවිසිය හැකිය.

කොළඹ, නිට්ටඹුව දෙස සිට මීගමුව මාර්ගයට පැමිණෙන රථවාහන - කොටදෙනියාව ඔරලෝසු කණුව අසළින් මැල්ලවලාන මාර්‌ගය භාවිතා කර මීගමුව මාර්‌ගයට පිවිසිය හැකිය.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 2026 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳව නිල දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 2026 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳව නිල දැනුම්දීමක්