අවසන් තරගය අදයි ශූරතාවය ගාල්ලටද? යාපනේටද?..

By Piyumika Jul 21, 2024 03:57 AM GMT
Report

LPL පස්වන අදියරේ අවසාන මහා තරගය අද (21) පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ Galle Marvels කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අද රාත්‍රී 7.30 ට ආර්.ප්‍රේමදාස පිටියේදී තරග වැදීමට නියමිතය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් භයානක හෙළිදරව්වක්..

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් භයානක හෙළිදරව්වක්..

Galle Marvels කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ල විසින් දරනු ලබන අතර, චරිත් අසලංක Jaffna Kings කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

මීට පෙර ගාල්ල හා යාපනය කණ්ඩායම් 2020 සහ 2021 වසර වලදීද LPL අවසන් මහා තරගයේදී එකිනෙකා හමු වී ඇති අතර ඒ අවස්ථා දෙකෙහිදීම ශූරතාවය දිනාගෙන ඇත්තේ යාපනය කණ්ඩායම විසින්ය.

මිතුරන් සමග ජල ක්‍රිඩාවේ ගිය දරුවන් තිදෙනෙක් දියවැලකට අසු වේ..එක් අයෙක් තවමත් අතුරුදහන් ..

මිතුරන් සමග ජල ක්‍රිඩාවේ ගිය දරුවන් තිදෙනෙක් දියවැලකට අසු වේ..එක් අයෙක් තවමත් අතුරුදහන් ..

අවසන් මහා තරගය වෙනුවෙන් විචිත්‍රවත් ඩ්‍රෝන සංදර්ශනයක් පැවැත්වීමටද LPL සංවිධායක මණ්ඩලය සූදානම්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.