රටම කම්පා කළ රඹෑව බිහිසුණු බස් රථ අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට - ප්‍රතිකාර ලබමින් සිටි සිව් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට
මිහින්තලය, රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සිව් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
ඉකුත් 10 වැනිදා මිහින්තලය පොලිස් වසමේ A9 මාර්ගයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබුණ අතර, ඉන් එක් බස් රථයක පිටුපසින් තවත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු විය.
ඒ අනුව මෙම අනතුරින් තුවාල ලැබූ මගීන් 76 දෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර, මැදවච්චිය සහ මිහින්තලය රෝහල් වෙත ඇතුළත් කර තිබූණා.
එසේම ඉන් 51 දෙනෙකු තවදුරටත් අනුරාධපුර සහ මැදවච්චිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක් බව සඳහන්.