අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් භයානක හෙළිදරව්වක්..
By Piyumika
මත්ද්‍රව්‍ය හේතුවෙන් තවමත් මෙරට වාර්ෂිකව 40,000ක් පමණ මියයන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසා තිබේ .
ශ්‍රී ලංකාව තුළ දුම්කොළ, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා වසරකට 40,000ක් පමණ මිය යන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර ප්‍රකාශ කරන ලදි.
ඒ අතරින් 20,000 ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා බවත් 18,000 ක් මධ්‍යසාර භාවිතය නිසාත් 2,000 ක් පමණ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය යන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය .
එමෙන්ම ගාස්තු රහිතව 1927 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම්වලට අදාළ ගැටලු සම්බන්ධව උපදෙස් රහසිගතව ලබා ගත හැකි බවත් ඔහු පවසා සිටියේය .