උතුර සහ දකුණ අවසන් මහා සටනකට සැරසෙයි..උතුරෙන් වාර්තාගත ඉනිමක්.

Sri Lanka Lpl cricket match Gallegladiater Jaffna kings
By Aruna Dec 21, 2021 11:04 PM GMT
Aruna

Aruna

Report

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (21) සමත් වුණි.

ඒ, දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු දඹුල්ල ජයන්ට්ස් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 210කි. එහිදී ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලුණු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් සමඟ ශතකයක් ලබාගැනීමට සමත්විය.

රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් කඩුලු 2ක් දවාගත් අතර මාර්චන්ට් ද ලැංගේ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

ලකුණු 211ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 187ක් පමණි.

එහිදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 75ක් රැස්කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha