දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම් ජනතාවට දැනුම් දීමක්.
Sri Lanka
Weather
Floods In Sri Lanka
By Hashini
වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව දැනුම් දෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මේ වනවිට දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 17,000ක් නිකුත් කරමින් පවතින බවත් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත්ය.
ඉදිරි පැය කිහිපය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
එම නිවේදනය පහතින්.

