මෙරට ක්‍රිකට් රසිකයින්ට අහන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS)

Report

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ (31) පැවැත්විණ.

මෙරට ක්‍රිකට් රසිකයින්ට අහන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS) | Lots Of Cricket Records From Kamindu Mendis

තරගය අවසන් කරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුනු 55 ක් රැස්කර සිටියේ ය.

එහිදී ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531 ක් රැස් කළේ ය.

එමෙන්ම, එහිදී ටෙස්ට් වාර්තා කිහිපයක්ම අලුත්වීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමත් සමඟ පිට පිට තුන්වැනි ශතකය පෙනෙන මානයේ සිටි කමිඳු මෙන්ඩිස්ට සිය ශතකය අහිමි ව ගියේ ය.

කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත් අතර ඔහු ක්‍රිඩාකළ ටෙස්ට් ඉනිම් හතර තුළ දී ලකුණු 419ක් රැස්කරගෙන තිබෙනවා.

මෙරට ක්‍රිකට් රසිකයින්ට අහන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS) | Lots Of Cricket Records From Kamindu Mendis

ඔහු එය ලෝක වාර්තාවක් සම කිරීමක් වූ අතර මෙලෙස සම කළේ 1976 වසරේ දී පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ් පළමු ටෙස්ට් ඉනිම් 4තුල වාර්තා කරතිබු ලකුණු 419 වේ.

තව ද, කමිඳු මෙන්ඩිස් පළමු ටෙස්ට් ඉනිම 4 තුළ දී අර්ධ ශතක වාර්තා කළ ලොව තුන්වැනි ක්‍රිඩකයා ලෙසට ද වාර්තා අතරට එක් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 531ක් ලබා ගත් අතර මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් ඉනිමක දී ක්‍රිඩකයෙක් ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයක දී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසට වේ.