ඉන්දියාවේ කොල්ලන්ව පිස්සු වැට්ටූ ලංකාවේ දමිළ කෙල්ල(PHOTOS)

indian actress sinhala gossip gagana news sinhala actress
By Gagana Dec 03, 2021 03:58 PM GMT
Gagana

Gagana

Report
104 Shares

ලොස්ලියා මරියනේෂන් කියන්නේ මේ දවස් වල ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි තරඟයක් සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නිරූපිකාවක්. ඇය ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ජාලයක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කර තිබෙනවා.

වයස අවුරුදු 26 ක් වන ඇය කිලිනොච්චියේ උපත ලබා තිබෙන අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් ද වෙනවා. ඇගේ දෙමාපියන් යාපනයේ පදිංචි කරුවන්ය. ඇගේ දැන් පදිංචිය ත්‍රීකුණාමලයේ වන අතර ඇයට වැඩිමල් සොයුරියක් ද සිටියා.

ඇගේ වයස 24 ක්වූ 2019 සිට ඉන්දියාවේ අතිශයින් ප්‍රචලිත "බිග් බොස්" රියැලිටි තරගාවලිය සඳහාද ඇය ඉදිරිපත්ව සිටියා.

නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය ආරම්භ කිරීමෙන් පසු ලොස්ලියා ප්‍රසිද්ධියට පත් වූයේ කමල් හසන් විසින් පැවැත්වූ "බිග් බොස්" තුන්වන වාරයට සහභාගී වීමෙන් පසුවයි. ඇයට ආරම්භයේ සිටම ප්‍රේක්‍ෂකයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා.

ජෝන් පෝල් රාජ් සහ ෂාම් සූර්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද ලොස්ලියාගේ ප්‍රථම චිත්‍රපටය "ෆ්‍රෙන්ඩ්ෂිප්" මේ වන විට ලොව පුරා විවිධ භාෂාවලින් ප්‍රදර්ශනය කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW




GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery