උසුළු විසුළු කරන අයට ජේල් බාරයි! - මහින්දගෙන් දැඩි අනතුරු ඇඟවීමක්!

Report

වත්මන් රජයට විහිළු කරන විපක්ෂයේ බොහෝ දෙනෙකුට ද විවිධ චෝදනා පවතින හෙයින්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්;

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

 "විපක්ෂයේ සමහරු රජයට එරෙහිව උස්සුලු විස්සුලු කිරීම, කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්හි යෙදීම සහ නොයෙකුත් චෝදනා එල්ල කිරීම හැරෙන්නට වෙනත් ඵලදායී කටයුත්තක නිරත වන්නේ නැත. හොරුන් අල්ලා ගැනීම සඳහා බලයට පත් වූ බව කියූ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්, හොරුන් සමඟ එක්ව කටයුතු කළ හැටි අපි පැහැදිලිව දුටුවෙමු. විපක්ෂයේ උස්සුලු විස්සුලු කරන පුද්ගලයන්ට එරෙහිව ද බරපතළ චෝදනා රැසක් පවතිනවා. ඒ අනුව, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම්" 

ඔබේ ආරක්ෂාව සඳහා, පොදු ස්ථානවලදී අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳින්න

ඔබේ ආරක්ෂාව සඳහා, පොදු ස්ථානවලදී අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳින්න

"අපි උදය ගම්මන්පිල මහතා ඇතුළ විපක්ෂයේ සියලු දෙනාටම ඉතා පැහැදිලිව අවවාද කරනවා. කටමැත දොඩවමින්, බොරු චෝදනා එල්ල කරමින් මේ ආණ්ඩුව සමඟ පරණ ආණ්ඩුවලට කළා වගේ සෙල්ලම් කිරීමට සූදානම් නොවන ලෙස ඉතාමත් හොඳින් අවධාරණය කරනවා. මීට පෙර කටමැත දොඩවා රනිල් වික්‍රමසිංහ මහතාට හෝලෝවක් හෝ කවුරුන් හෝ එල්ල කළ පුද්ගලයෙකුට අත් වූ ඉරණම අපි දුටුවා. එමනිසා, මේ ආණ්ඩුව සමඟ එවැනි ක්‍රියාවන්හි යෙදීමෙන් වළින ලෙස අපි දැඩිව අවවාද කරනවා."

උදර වේදනාවට රෝහල් ගිය දැරිය ගැබ්ගත බව අනාවරණය වෙයි

උදර වේදනාවට රෝහල් ගිය දැරිය ගැබ්ගත බව අනාවරණය වෙයි

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉකුත් 31 වන  දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.