හෙට දිනයේදී බන්ධනාගාරගතව සිටින පිරිසකට විශේෂ අවස්ථාවක්..
එළැඹෙන 14 වනදාට බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත.
ජනවාරි මස 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මෙම විශේෂ අවස්ථාව හින්දු ආගමික රැඳවියන්ට හිමි වේ.
එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී තිබේ.
ඒ අනුව, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදුකරනු ලබ බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක වැඩිදුරටත් දැනුම් දී තිබේ.
You may like this video