මාරක අනතුරක් - ලොරි රථයට යටවී යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට

Report

රතුපස්වල හේනේගම මාර්ගයේ කඳුවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත .

ඒවගේම හේනේගම දෙස සිට රතුපස්වල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

 මෙම අනතුරින් පසු ලොරි රථයට යටවූ පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 24 ක් වූ බටහිර වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

අනතුරට අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.