පාතාලේ කළඹපු ගණේමුල්ල සංජීව ඝාතනයට ගම්පහ ඔස්මන්ඩ් අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ වෙනුවෙන් ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025 පෙබරවාරි 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, නීතිඥවරයෙකු වශයෙන් පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාරය මඟින් ඉදිරිපත් කර සිටි ගණේමුල්ල සංජීව වෙත වෙඩි තබා ඝාතනය වූ අතර ඒ සම්බන්ධයෙන් , දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත, ඊයේ (13) දින රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ මුළු අම්බලන්තොටම නොසන්සුන් කරමින් පිළිරුවක් මත හිස තබා ගිය සැකකරුවන් අත්අඩංගුවට - ඝාතනය කරද්දි දරුවොයි බිරිඳයිත් ගේ ඇතුළේ

ඊයේ මුළු අම්බලන්තොටම නොසන්සුන් කරමින් පිළිරුවක් මත හිස තබා ගිය සැකකරුවන් අත්අඩංගුවට - ඝාතනය කරද්දි දරුවොයි බිරිඳයිත් ගේ ඇතුළේ

ඒ අනුව හෙළි වුණේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම දියත් කර ඇති අතර අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ලබා දෙමින් මෙම සැකකරු විසින් ඝාතනයට ආධාර අනුබල දී ඇති බවයි.

එසේම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10 ක්, පතරොම් ගැබ් (Magazines) 02 ක් හමු වූ බවත් සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු 69 හැවිරිදි වියේ පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයවයි.

රටම කැළඹුණු මනුස්ස ඝාතනයේ සුලමුල එළියට - හිස කදෙන් වෙන් කරලා පිළිමේ ගහපු අපරාධේ ඇග හිරිවැටෙන අනාවරණයක්

රටම කැළඹුණු මනුස්ස ඝාතනයේ සුලමුල එළියට - හිස කදෙන් වෙන් කරලා පිළිමේ ගහපු අපරාධේ ඇග හිරිවැටෙන අනාවරණයක්

ඊසානෙන් පවතින අඩු පීඩන කලාපය නිසා අද 1 න් පසු වෙන්නේ මේකයි - ‍ලංකාවටම දැනුවත් කිරීමක්

ඊසානෙන් පවතින අඩු පීඩන කලාපය නිසා අද 1 න් පසු වෙන්නේ මේකයි - ‍ලංකාවටම දැනුවත් කිරීමක්