නොසිතූ මොහොතක ආ මාරයා - විදුලි සැර වැදී කාන්තාවක් මරුට
By Kaushi
ඌරගස්මංහන්දිය පොලිස් වසමේ රකිනාකන්ද ප්‍රදේශයේ කාන්තාවක් විදුලි සැර වැදී මිය ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව මරණකාරිය ඊයේ (13) දිනයේදී අසල පිහිටි නිවසකට ගමන් කිරීමේදී ගසක් වැටීම හේතුවෙන් බිම පතිතව තිබූ විදුලි රැහැනක පැටලී මෙසේ විදුලි සැර වැදී ඇති බවට පොලිසිය පවසයි.
අඳාළ කාන්තාව අවුරුදු 74 ක් වූ රකිනාකන්ද, මීගස්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරයි.
ඊයේ මුළු අම්බලන්තොටම නොසන්සුන් කරමින් පිළිරුවක් මත හිස තබා ගිය සැකකරුවන් අත්අඩංගුවට - ඝාතනය කරද්දි දරුවොයි බිරිඳයිත් ගේ ඇතුළේ