Miss Grand All Stars රූ කිරුළ සිහිනය දිනන්න යන ටිෂානි
( Miss Grand All Stars ) රැජින තරගාවලියට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා ටිෂානි පෙරේරා මෙනෙවිය අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත.
ලෝකයේ මෙතෙක් පැවති මිස් ග්‍රෑන්ඩ් ( Miss Grand ) , මිස් යුනිවර්ස් ( Miss Universe ) , මිස් වර්ඩ් ( Miss World ) වැනි ප්‍රධානතම රූ රැජින තරගාවලියන් වල ජයග්‍රාහිකාවන් පමණක් මෙම තරගාවලියට සහභාගී වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ටිෂානි පෙරේරා ඉකුත් 2025 වසරේ මිස් ග්‍රෑන්ඩ් රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාවක් විය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL.- 404 දරන ගුවන් යානයෙන් අද (14) උදෑසන 07.25 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගිය සදහන් වේ .
තරගාවලිය ලෝකයේ රටවල් 80 ක ජයග්‍රාහී රූ රැජිනියන් පමණක් සහභාගී වීමට නියමිතව තිබේ.
මෙම තරගාවලිය එළඹෙන 16 දින සිට 30 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ ටිෂානි පෙරේරා මෙනෙවිය ව්‍යාපාර කළමකරණ උපාධිධාරිනියක් වන අතර මේ වනවිට ඇය පශ්චාත් උපාධිය හදාරමින් සිටී.
ඇයට සුබ පැතීම සඳහා මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික අධ්යක්ෂ සහ පුහුණුකරු රුක්මාල් සේනානායක සහ ඇයගේ දෙමාපියන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

